මුදල් අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවක් අතරතුරදී සමෘද්ධි හා වැඩිහිටි දීමනා වැනි අනෙකුත් මූල්‍ය ආධාර ලබාදීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.
ඒ අනුව පවතින අර්ථික අර්බුදය හමුවේ සමෘද්ධි, වැඩිහිටි හා ආබාධිත දීමනා සහ වකුගඩු සහනාධාර ලබන මෙන්ම පොරොත්තු ලේඛනයේ සිටින පවුල් ගණන මිලියන 3.9කට ආසන්න බව මුදල් අමාත්‍යංශ ලේකම්වරයා පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් අමාත්‍යංශ ලේකම්වරයා පැවසුවේ, මේ වන විට දුෂ්කර කාල පරිච්ඡේදයක් පසුකරමින් සිටින බවත්, මේ තත්වය යටතේ විශාල පිරිසක් බලපෑමට ලක්ව සිටින බවත්, එම පිරිසට සහන සැපයීමට තිබෙන අවශ්‍යතාව සම්බන්ධයෙන් රජයේ අවධානය ඉතාමත් ඉහළින් යොමුවී තිබෙන බවත්ය.