එමෙන්ම චීන පොහොර නැවේ ප්‍රශ්නය පිළිබඳව කැබිනට් මණ්ඩලයට වාර්තා කර උපදෙස් පතා ඇති බවත් මෙම ගනුදෙනුව අවසන් කරන ආකාරය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ උපදෙස් ලබාදෙන ලෙසට තමන් විමසීමක් සිදුකර ඇති බවත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා මතුකරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙසේද පැවසීය.
කෘෂිකාර්මික සංවර්ධනය සඳහා කෘෂි දත්ත ගබඩාවක් කියන්නේ අතිශය වැදගත් කාරණාවක්. කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් කෘෂි දත්ත ගබඩාවක් ස්ථාපිත කර තිබෙනවා. මේ දක්වා එම දත්ත ගබඩාව වෙනුවෙන් රුපියල් මිලියන එකසිය අසූපහකට අධික මුදලක් වැය කර තිබෙනවා.කෘෂි දත්ත ගබඩාව ඇතිකිරීමේදී වංචාවක් සිදුව ඇති බවට මෙතෙක් වාර්තා වන්නේ නැහැ. එවැන්නක් සිදුවූ බවට වාර්තා වුනොත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා(සජබ)
චීනයෙන් ආපු පොහොර නැව ගැන නිවැරදි තොරතුරු නොදෙන ආකාරය අපි මාධ්‍ය ඔස්සේ අපි දැක්කා. මේ වෙනුවෙන් විශාල මුදලක් අපි ගෙව්වා. මේවා අපරාධ. මේවාට අදාළ වාර්තා තිබුණනම් මේවා පිළිබඳව නිවැරදිව අධ්‍යනය කරන්න තිබුණා.
ඇමති මහින්ද අමරවීර මහතා-
මේ චීන පොහොර නැව පිළිබඳව මාධ්‍ය තුළත් නිරතුරුව කතා කරනවා.මේ සම්බන්ධයෙන් යු එස් ඩොලර් මිලියන හයයි . හතක මුදලක් ගෙවා තිබෙනවා. මම අමාත්‍යවරයා වුනාට පසුව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු සියළු දෙනා සමඟ සාකච්ඡා කරලා මේ සඳහා විසඳුමක් යෝජනා කරන්න කියලා කිව්වා.ඒ අය මට වාර්තා කරලා කැබිනට් පත්‍රිකාවකුත් සකස් කරලා අපි එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙනවා.මෙයින් අපි යෝජනා ගණනාවක් ඉදිරිපත් කරනවා. මේ මුදල ආපහු ගන්න පුළුවන්ද යන පළමු උත්සාහය මම දරනවා. මේ පොහොර වෙනුවට රසායනික පොහොර ගන්න පුළුවන්ද කියලා මම බැලුවා. නමුත් ඒ උත්සාහයන් දෙකම අසාර්ථක වුණා. ඒ සමාගමත් ජාත්‍යන්තරය පිළිගත් පොහොර සපයන සමාගමක්. ඇමරිකාවටත් පොහොර ලබාදෙන සමාගමක්. ඒ අය කියන්නේ ඒ අයගේ පොහොර හොඳයි කියලයි වාර්තා කරන්නේ. අපේ ප්‍රමිති කාර්යාංශය පිළිබඳවත් ප්‍රශ්නයක් තිබෙනවා. ප්‍රමිති කාර්යාංශය අපේ ජෛව පොහොර ගැන ප්‍රමිතියක් සකස් කරලත් නැහැ. මම ඒ නිලධාරීන්ට කිව්වා.ඒ නිසා මම මේ ගැන කැබිනට් එකටත් වාර්තා කර උපදෙසක් පතලා තිබෙනවා.මේ ගනුදෙනුව අපි කොහොමද අවසාන කර ගන්නේ කියලා. නැවත ප්‍රමිතිගත පොහොර ගේනවද. නැත්තම් මේ මුදල් ගනුදෙනුව සම්බන්ධයෙන් කවර ආකාරයේ විසඳුමකට යනවද යන්න සම්බන්ධයෙන් අපි තීන්දුවකට ආ යුතුයි. මේ සම්බන්ධයෙන් වඩා වැදගත් වන්නේ රාජ්‍ය තාන්ත්‍රිකව අපට ලොකු ප්‍රශ්නයක්. මොකද චීනය සහ ශ්‍රී ලංකාව අතීතයේ සිට මිත්‍ර රටවල්. රටවල් වල මිත්‍රත්වයටත් මේ පොහොර නැව බලපෑවා. ඒ නිසා මෙම ප්‍රශ්නය රාජ්‍ය තාන්ත්‍රික ලෙස විසඳා ගැනීම වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයත් මැදිහත් විය යුතුයි. ඒ වගේම විදේශ කටයුතු අමාත්‍යවරයාත් සහභාගී කරවා ගනිමින් කැබිනට් අනුකාරක සභාවක් පත් කිරිමටත් පියවර ගත්තා.මෙම ක්‍රියාවලිය සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශයත් මැදිහත් විය යුතුයි. විශේෂයෙන්ම චීන තානාපතිවරයාත සමඟත් සාකච්ඡා කරලා මේක බේරගන්න වැඩකට අපි යා යුතුයි. මේ පිළිබඳව සඟවන්නේ නැතිව සත්‍ය තත්ත්වය දැනුම් දෙනවා.පාර්ලිමේන්තුවටත් දැනුම් දෙනවා.
අපි කියන්නේ චීනය සමඟ හොද හිත කියලා සම්පූර්ණ මුදල අපි අත් හරින්නේ නැහැ. අසූචි කතාව නිසාත් මේක ප්‍රශ්නයක් වුණා. හිත් නොරිඳවාගෙන ප්‍රශ්නය විස ඳාගන්න පුළුවන්නම් හොඳයි. මේ සම්බන්ධයෙන් පිළිතුරක් විගණකාධිපතිවරයාටත් යවා තිබෙන බවයි මට දැනගන්න තිබෙන්නේ. කව්රු හරි වැරදි කරුවෙක් බවට විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් නිරේදේශ කර තිබෙනවානම් ඒ අය වෙනුවෙන් අවශ්‍ය ක්‍රියාමාර් ග ගැනීමට අපි පසුබට වන්නේ නැහැ.කුමන තරාතිරමක කෙනෙක් වුනත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා. ඒ වගේම නැනෝ පොහොර සම්බන්ධයෙන්ද එවන් වාර්තාවක් ඉදිරිපත් වුනොත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා.