මෙම රෙගුලාසි ඇතුළත් අංක 2291/44 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයට අනුව පළිබෝධනාශක රෙජිස්ටාර්වරයාගේ නිර්දේශයට යටත්ව මෙහිදී ග්ලයිෆෝසේට් සදහා ආනයන බලපත්‍ර නිකුත් කිරීම සිදුවේ.
වැවිලි ක්ෂේත්‍රය සදහා වල්නාශකයක් ලෙස යොදා ගන්නා ග්ලයිෆෝසේට් භාවිතයෙන් ඇතිවිය හැකි සෞඛ්‍යමය බලපෑම් සැලකිල්ලට ගනිමින් ග්ලයිෆෝසේට් ආනයනය තහනම් කළද තේ සහ රබර් වගාවල අපනයනයට පවතින බාධා සහ වැලිගම පොල් කොළ මැලවීමේ රෝගය මර්දනය කිරීමේ අවශ්‍යතාව ආදි හේතු නිසා පළිබෝධනාශක රෙජිස්ටාර්වරයාගේ නිර්දේශයට යටත්ව ග්ලයිෆෝසේට් ආනයනය කිරීමේ අවශ්‍යතාව පිළිබදව මෙම පනත් කෙටුම්පත පසුගියදා රජයේ මුදල් පිළිබද කාරක සභාවේදී සලකා බැලූ අවස්ථාවේදී සාකච්ඡා විය.
මේ අතර සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේදී විවාද කිරීමකින් තොරව සම්මත කර ගැනීමට නියමිතව තිබුණද මන්ත්‍රීවරුන් විවාදයක් අවශ්‍ය බව පෙන්වා දීම හේතුවෙන් ඊට අදාළ විවාදය ලබන බ්‍රහස්පතින්දා පැවැත්වීමට තීරණය විය. මේ සදහා සංශෝධන ද ඉදිරිපත්කර ඇති හෙයින් මේ පිළිබදව විවාද කිරීමේ අවශ්‍යතාව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහ සමගි ජන බලවේගයේ ආචාර්ය හර්ෂ ද සිල්වා යන මන්ත්‍රීවරු කථානායකවරයාගෙන් ඉල්ලා සිටීම නිසා මෙම තීරණය ගන්නා ලදී.
අද පාර්ලිමේන්තුව පෙ.ව 9.30 ට රැස්වූ අතර 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ගොනු කළ පෙත්සම්වලට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ගරු කථානායකවරයා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.
වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා අද කාලය වෙන්ව තිබිණි. නව සභාවාරයේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ඇසීමේ පළමු අවස්ථාව මෙය විය. ඉන් අනතුරුව ස්ථාවර නියෝග 27(2) යටතේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ත්‍රීරෝද රථ රියදුරන්ට ඉන්ධන සලාකය වැඩි කිරීමේ අවශ්‍යතාව පිළිබද ප්‍රශ්නය ඉදිරිපත් කරන ලදී.
අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණි විජේරත්න මහත්මිය විසින් “ශ්‍රී ලංකාවේ ළමයින් හා මව්වරුන් අතර මන්දපෝෂණය” පිළිබදව ඉදරිපත් කළ සභාව කල්තැබීමේ යෝජනාව අනුව කල්තැබීමේ විවාදය ප.ව 5.30 දක්වා පැවැත්විණි. ඉන්පසු පාර්ලිමේන්තුව හෙට (07) පෙ.ව 9.30 දක්වා කල් තැබිණි.