ශ්‍රී ලංකාවේ චීන තානාපති චී. ශෙන්හොන් මහතා විසින් එම SMART BOARD තොගය ආණ්ඩුකාරවරිය වෙත ප්‍රදානය කිරීමෙන් අනතුරුව නැගෙනහිර පළාතේ අධ්‍යාපන කලාප 17ම ආවරණය වන පරිදි පාසල් 20ක් සදහා එම SMART BOARD එක බැගින් ලබාදුන්හ. එහිදි එම විද්‍යාල වල විදුහල්පතිවරුන්ට ආණ්ඩුකාරවරිය සහ චින තානාපතිවරයා විසින් අදාළ SMART BOARD නිල වශයෙන් භාරදීමද සිදුවූහ.ආණ්ඩුකාරවරියගේ ඉල්ලිම පරිදි ඉතා කෙටි කාලයක් තුළ චින තානාපතිවරයා විසින් මෙම SMART BOARD තොගය ලබා දීමද විශේෂත්වයකි.
මේ අතර නැගෙනහිර පලාතේ පාසල් වල සූර්යබලයෙන් ක්‍රියාත්මක කරන විදුලි ලාම්පු සවි කිරීම සදහා වන ගිවිසුමකටද මෙහිදි අත්සන් තැබිණි. නැගෙනහිර පළාත් සභාව සහ චීනයේ “Yunnan Commercial Association” සමාගම එක්ව එම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවේ. මේ අවස්ථාවට ප්‍රධාන ලේකම් තුසිත පී. වනිගසිංහ, ආණ්ඩුකාර ලේකම් එල්.පී. මදනායක, අධ්‍යාපන ලේකම් එච්.ඊ.එම්.ඩබ්.ජී. දිසානායක, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂික එන්.පිල්ලේනායගම්, විදුහල්පතිවරුන් සහ චින තානාපති කාර්යාල නියෝජිතයින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.