ඒ් අනුව ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සේවය කිරීම සඳහා අනුර දිසානායක මහතා, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා, (ආචාර්ය) සරත් වීරසේකර මහතා, අරුන්දික ප්‍රනාන්දු මහතා සහ (ආචාර්ය) මේජර් ප්‍රදීප් උඳුගොඩ මහතා යන මන්ත්‍රීවරයන් පත්කොට තිබේ.
මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව සඳහා පත් කරන ලද මන්ත්‍රීවරයන් වන්නේ ගරු කබීර් හෂීම් මහතා, (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා, ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතා, එම්. ඩබ්ලිව්. ඩී. සහන් ප්‍රදීප් විතාන මහතා සහ (මහාචාර්ය) රංජිත් බණ්ඩාර මහතායි.
එමෙන්ම වරාය, නාවික හා ගුවන් සේවා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව සඳහා සාමාජිකයන් ලෙස තිස්ස අත්තනායක මහතා, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා, කේ. කාදර් මස්තාන් මහතා, සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා සහ හේෂා විතානගේ මහතා පත් කොට තිබේ.
එයට අමතරව ප්‍රවාහන හා මහාමාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සේවය කිරීම සඳහා කබීර් හෂීම් මහතා, දිලුම් අමුණුගම මහතා, කනක හේරත් මහතා, අශෝක් අබේසිංහ මහතා සහ ලලිත් වර්ණ කුමාර මහතා පත් කොට තිබේ.
ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට පත් කළ සාමාජිකයන් වන්නේ ඉම්තියාස් බාකීර් මාකාර් මහතා, ශාන්ත බණ්ඩාර මහතා, ගීතා සමන්මලී කුමාරසිංහ මහත්මිය, එස්. එම්. මරික්කාර් මහතා සහ සංජීව එදිරිමාන්න මහතායි.
එමෙන්ම, කෘෂිකර්ම කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව සඳහි පත් කළ මන්ත්‍රීවරයන් වනනේ ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර මහතා, සිවඥානම් ශ්‍රීතරන් මහතා, උදයකාන්ත ගුණතිලක මහතා, කුලසිංහම් තිලීපන් මහතා සහ උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහතායි.
අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සේවය කිරීම සඳහා තලතා අතුකෝරල මහත්මිය, එච්. එම්. එම්. හරීස් මහතා, සිසිර ජයකොඩි මහතා, ජී. ජී. පොන්නම්බලම් මහතා සහ අනුප පස්කුවල් මහතා පත් කොට තිබේ.
විදුලිබල හා බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව සඳහා පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය, දුමින්ද දිසානායක මහතා, කබීර් හෂීම් මහතා, නලින් බණ්ඩාර ජයමහ මහතා සහ නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතා පත් කො තිබේ.
කම්කරු හා විදේශ රැකියා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සේවය කිරීම සඳහා ජෝන් සෙනෙවිරත්න මහතා, වඩිවේල් සුරේෂ් මහතා, ඩී. බී. හේරත් මහතා, වේලු කුමාර් මහතා සහ (ජනාධිපති නීතිඥ) ජයන්ත වීරසිංහ මහතා පත් කොට තිබෙන බවද කථානායකතුමා නිවේදනය කළේය.