වී මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 250 ක් මුදලක් පසුගිය සතියේ ලබා දී ඇත . හෙක්ටයාර පන්ලක්ෂ දොළොස්දාහක වී වගා කොට ඇත එම වී මිලදී ගැනීම සඳහා රුපියල් බිලියන 02ක මුදලක් අවශ්‍ය වේ. එම මුදල රාජ්‍ය බැංකු දෙකකින් ලබා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන බව ද ඇමැතිවරයා කීය.
හෙක්ටයාර් ලක්ෂයකට වැඩි භූමි ප්‍රමාණයක බඩඉරිඟු වගා කිරීම සඳහා ක්‍රියා කරන බව ඇමැති මහින්ද අමරවීර ඇමැතිවරයා කියයි. මේ වන විට බඩ ඉරිගු වගාවේ පසුබෑමක් දක්නට ඇත ඒ හේතුවෙන් බිත්තර මිල හා කුකුළු මස් මිල ඉහළ ගොස් ඇත එබැවින් බඩ ඉරිගු වගාවට ප්‍රමුඛත්වය ලබා දීමට ක්‍රියා කරන බව ඇමතිවරයා කීය.
පාසල් දරුවන්ගේ පෝෂණය ඉහළ නැංවීම සඳහා සැලසුම් සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇතැයි සභානායක, අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා ද පාර්ලිමේන්තුවේ දී පැවසීය. චීන රජයෙන් ලබා දෙන සහල් මෙට්‍රික් ටොන් දහදාහක ප්‍රමාණය පෝෂණ ඌනතාවෙන් පෙලෙන දරුවන්ගේ පවුල් සඳහා ලබාදීමට ක්‍රියා කර ඇත එම සහල් තොගයේ දෙවන කොටස අද පස්වරුවේ චීන තානාපති කාර්යාලය මගින් ලැබීමට නියමිත බවද ඇමැතිවරයා කීය.