ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ධූරයට සමුදීම වෙනුවෙන් පැවැති චාම් උත්සවය ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වින. මේ අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිලධාරිහු මෙන් ම රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිලධාරිහු රැසක් එක්ව සිටියහ.
ප්‍රවීන මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා 2021 වසරේ අප්‍රේල් මස 19 දින ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස රාජකාරි ආරම්භ කළේ ය.
සමගැනීමේ උත්සවයේ දී දෙපාර්තමේන්තු කාර්යමණ්ඩලය විසින් සමරු තිළින රැසක් ප්‍රදානය කළේ ය. මේ අවස්ථාවේ දී ධූරයට සමුදුන් මොහාන් සමරනායක මහතාට නව ධූරයක වගකීම භාරගැනීමට සිදු විය.ඒ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ උපදේශක ධූරයයි. එම ධුරයේ පත්වීම් ලිපිය ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට මහතා විසින් පිරිනමනු ලැබීය.
ප්‍රවීන ජනමාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා දෙස් විදෙස් ප්‍රසාදයට පාත්‍ර වූ සන්නිවේදන විද්වතෙකු ද වෙයි.