පෙබරවාරි 02, 2025
tami eng youtube  twitter facebook

    "ජාතික සභාව"ට පක්ෂ නායක රැස්වීමේදී එකඟතාව

    සැප්තැම්බර් 07, 2022

    පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නියෝජනය වන 37කින් යුත් "ජාතික සභාව" ට, අගමැති ප්‍රධානත්වයෙන් පැවැති පක්ෂ නායක රැස්වීමේදී එකඟතාව

     

    රට තුළ මතුව ඇති ආර්ථික හා සමාජ අර්බුදය සමනය කිරීම සඳහා, පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්ෂ නායකයන්ගේ සහභාගිත්වයෙන් " ජාතික සභාව " පිහිටුවීම සඳහා, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්, පාර්ලිමේන්තු සංකීර්ණයේදී 2022.09.07 දින පැවති පක්ෂ නායක රැස්වීමේදී එකඟතාවට පැමිණියේය.


    ඒ එකඟතාව අනුව, කතානායකවරයා, ජාතික සභාවේ මූලාසනය දරණ අතර අග්‍රාමාත්‍යවරයා, විපක්ෂ නායකවරයා, සභානායකවරයා, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා නිල බලයෙන් එහි සාමාජිකයන් බවට පත්වේ. පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක වන සියලු පක්ෂ නියෝජනය වන පරිදි, නිල බලයෙන් සාමාජිකයන් වන නියෝජිතයන්ද ඇතුළු "ජාතික සභාවේ" සම්පූර්ණ සාමාජික සංඛ්‍යාව 37ක් වේ.
    ඊට අදාළ යෝජනාව කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටද පක්ෂ නායක රැස්වීමේදී එකඟතාවය ඇතිවිය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya