පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතාද මේ අවස්ථාවට එක්ව සිටියේය. මෙම හමුවේදී දෙරට අතර සංචාරක සබඳතා වර්ධනය කිරීම සහ උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම පිළිබඳව සාකච්ඡා විය. තවද ඉන්දීය රජය නිරතුරුව ශ්‍රී ලංකාවට ලබා දෙන සහාය පිළිබදව කථානායකවරයා ස්තූතිය පළ කළ අතර ද්වීපාර්ශවීය සබදතා විවිධ අංශවලින් තවදුරටත් වර්ධනය කර ගැනීම පිළිබදව ද සාකච්ඡා කෙරිණි.