පෙබරවාරි 02, 2025
tami eng youtube  twitter facebook

    පුනරීන් වලේපාඩු ධිවරයින්ට පහරදීම පිළිබද සම්පුර්ණ විමර්ශන වාර්තාවක් ඉල්ලයි

    සැප්තැම්බර් 08, 2022

     

     

    පුනරීන් වලේපාඩු ධිවරයින්ට පහරදීම පිළිබද සම්පුර්ණ වාර්තාවක් ලබා දෙන ලෙස නාවික හමුදාවෙන් අමාත්‍ය දේවානන්දා ඉල්ලා සිටී.

    පුනරීන් වලේපාඩු ප්‍රදේශයේදී ධීවරයන් පිරිසකට පහරදීම පිළිබද විමර්ශනයක් කර එහි වාර්තාව තමන් වෙත ලබා දෙන ලෙස ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා නාවික හමුදා නිලධාරින්ට උපදෙස් ලබා දෙයි.

    අමාත්‍යවරයා මෙම අදහස් පළ කර සිටියේ 07 වන දින උතුරු පළාතේ ධීවර කටයුතු පිළිබද සාකච්ඡා කිරීම සදහා නාවික හමුදාවේ උසස් නිලධාරීන් පිරිසක් ධීවර අමාත්‍යාංශයේදී හමු වු අවස්ථාවේදීය.

    වැඩිදුරටත් අදහස් දැක් වු අමාත්‍යවරයා, උතුරු මුහුදේ දිගින් දිගටම සිදුවන ඉන්දීය ධීවර ආක්‍රමණය නතර කිරීම සදහා නාවික හමුදාව ගන්නා වු පියවරයන් පිළිබද ප්‍රසාදය පල කල අතර එය තවත් වැඩිකර ඉදිරියේ දී ඉන්දිය ධීවර ආක්‍රමණය මුළුමනින්ම නතර කිරීමට අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙසද ඉල්ලා සිටින ලදි.

    මෙහිදී අදහස් දැක්වු නාවික හමුදා නිලධාරීන් කියා සිටියේ, වලේපාඩු සිද්ධිය පිළිබද අභ්‍යන්තර විමර්ෂයක් දැනටමත් ආරම්භ කර ඇති අතර එම විමර්ශනවලදී හදුනාගෙන ඇත්තේ දෙපාර්ෂවයම යම් යම් වැරදි ඇති බවත් එය තවදුරටත් තහවුරු කර ගැනීම සදහා විමර්ශන දිගින් දිගටම ක්‍රියාත්මක කරන අතර නීතිවිරෝධි ධීවර කටයුතු මැඩලීමේදී යම් යම් බාධා පැමිණෙන බවත් ඒ සදහා ධීවර දෙපාර්තමේන්තුවේ සහයෝගය ලබා දීම වැඩියෙන් සිදු වන්නේ නම් වැටලීම් කටයුතු සාර්ථක කර ගත හැකි බවද නිලධාරීන් අමාත්‍යවරයාට පෙන්වා දෙන ලදි.

     

    වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා නීතිවිරෝධි ධීවර කටයුතු මැඩලීම සදහා ධීවර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග එක්ව ඒකාබද්ධ මෙහෙයුමක් දියත් කර මෙම කටයුතු කඩිනම් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

    මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම ඉන්දු රත්නායක මහත්මිය, ධිවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා ඇතුළු නාවික හමුදාවේ උසස් නිලධාරින් පිරිසක් සහභාගී විය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya