පෙබරවාරි 02, 2025
tami eng youtube  twitter facebook

    ශෝක යෝජනාව විවාදයට නොගනී - පාර්ලිමේන්තුව ලබන 20 දක්වා කල්තබයි

    සැප්තැම්බර් 09, 2022

    පාර්ලිමේන්තුවේ කටයුතු වෙනත් දිනයක පැවැත්වීමටත් ඒ අනුව පාර්ලිමේන්තුවේ අද (09) දිනට යෙදී තිබූ කටයුතු නවතා පාර්ලිමේන්තුව කල්තැබීමට තීරණය කළේ ය.

    ඒ අනුව සභානයක,අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා විසින් ඒ බව පාර්ලිමේන්තුවට දන්වනු ලැබීය.

    සභාවේ එකඟතාවය ඇතිව ලබන 20 දින පෙ.ව 9.30 දක්වා සභාවේ කටයුතු කල්තබන බව කතානායකවරයා සභාවට නිවේදනය කළේ ය.

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අභාවප්‍රාප්ත අමරකීර්ති අතුකෝරළ මහතා පිළිබද ශෝක යෝජනා විවාදය අද (09) පාර්ලිමේන්තුවේ දී පැවැත්වීමට නියමිතව තිබුණි.

    ජාතික සභාව පිහිටුවීමට අදාළ නිවේදනය ඉදිරිපත් කළහොත් එය සභාවේ අනුමැතිය ලබාදුනහොත් එය ක්‍රියාත්මක කළ හැකි බව අග්‍රාමාත්‍යවරයා කතානයකවරයාට දැන්වීය.එහෙත් එම වාර්තාව ලැබී නොමැති බව පාර්ලිමේන්තුවේ ප්‍රකාශ විය.

    එම ප්‍රමාදයෙන් සිදුවන්නේ, ජාතික සභාව ඇතිවීම තවදුරටත් කල් යන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. රැස්වීම සඳහා නීත්‍යාණුකූල අනුමැතියක් අවශ්‍ය බව ද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

    ජාතික සභාවේ වාර්තාව ලැබුණු වහාම එය අනුමත කිරීමට කටයුතු කරන බව කතානයකවරයා පාර්ලිමේන්තුවට නිවේදනය කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya