ඉකුත් 08 වැනිදා පත් කළ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරෙන් ධීවර රාජ්‍ය අමාත්‍ය ධුරය හිමිවූ පියල් නිශාන්ත මහතා අද (සැප්තැම්බර් 09 දා) ධීවර අමාත්‍යංශයේදී සිය ධුරයේ රාජකාරි භාරගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පැවසීය.
මෙහිදී ධීවර ප්‍රජාවට ප්‍රධාන වශයෙන්ම බලපා ඇති ඉන්ධන ගැටලුව සම්බන්ධයෙන් මාධ්‍ය විමසූ විට රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ඒ සම්බන්ධයෙන් වන නිසි වැඩපිළිවෙලක් අංරම්භ කිරීමට කටයුතු කරන බවත්, මේ පිළිබඳව ජනාධීපතිවරයාගේ අවධානයට යොමු කරන බවත්ය.
එමෙන්ම මත්ස්‍ය මිල ඉහළයාම සම්බන්ධයෙන්ද අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ, මත්ස්‍ය මිල සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයාගේ අවධානයට යොමුකිරීමට කටයුතු කරන බවයි.