පෙබරවාරි 02, 2025
tami eng youtube  twitter facebook

    කොරියානු රැකියා සඳහා වීසා 1125ක් දැනටමත් සූදානම් - අමාත්‍ය මනුෂ නානායක්කාර

    සැප්තැම්බර් 10, 2022

    කොරියානු රැකියා අපේක්ෂකයින් ඉක්මණින් දකුණු කොරියානු රාජ්‍ය බලා පිටත් කර යැවීම සඳහා මේ වන විට වීසා බලපත්‍ර 1125ක් සූදානම් බවත් සතියකට ශ්‍රමිකයින් දෙසීය පනහක් කොරියාව බලා පිටත් කිරීමට කටයුතු කරන බවත් අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.

    අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ, කොරියානු රැකියා අපේක්ෂකයින්ගේ ගැටළු සාකච්ජා කිරිම සඳහා කොරියානු මානව සම්පත් අංශයේ නිලධාරින්, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරින් හා කොරියානු රැකියා අපේක්ෂකයින් අතර කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී පැවති විශේෂ හමුවකදීය.

    කොරියානු රැකියා අපේක්ෂිතයින් සදහා වීසා අයදුම් කිරීම සදහා පැවති ප්‍රමාදයන් වැලැක්වීමට අවශ්‍ය පියවර මේ වන විටත් ගෙන ඇති බවත් ඒ සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විගණනය කර ඔවුන්ට ඉලක්ක හා දිරිදීමනා ලබා දීමට පියවර ගෙන ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.

    කොරියානු විභාග පැවැත්වීම සදහා වැඩි පහසුකම්වලින් යුත් නව මධ්‍යස්ථානයක් ලබාදෙන බවත්, ඉදිරි වසරේදී කොරියානු රැකියා අවස්ථා වැඩි කරගැනීම සදහා කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කරමින් සිටින බවත් වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

    මෙම අවස්ථාවට කාර්යාංශයේ සභාපති මහේන්ද්‍ර කුමාරසිංහ මහතා, කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂක ලී ජූ චුල් මහතා, කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී ඩී.ඩී.පී. සේනානායක මහතා හා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පුහුණු ) පී.ජී.ජී.එස්. යාපා මහතා ඇතුළු ඉහළ කළමනාකාරීත්වයේ නිළධාරින් සහභාගී විය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya