පෙබරවාරි 02, 2025
tami eng youtube  twitter facebook

    අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මහලේකම්වරයා දිවයිනට

    සැප්තැම්බර් 11, 2022

    අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මහලේකම් මාර්ටින් චොන්ගොන් මහතා අද (11) දිවයිනට පැමිණිමට නියමිත බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයාව සිටියදී සිදුකරන ලද අරාධනාවකට අනුව අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මහලේකම්වරයාගේ මෙරට සංචාරය සංවිධානය කොට තිබේ.

    ඒ අනුව දිවයිනට පැමිණෙන මාර්ටින් චොන්ගොන් මහතා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභා සභාපතිඅංගජන් රාමනාදන් සහ පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක යන මහත්වරුන් විසින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී පිළිගැනීමට නියමිතය.

    මෙම නිල සංචාරය තුළදී අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මහලේකම් මාර්ටින් චොන්ගොන් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවී සාකච්ඡා කිරීමට නියමිත බවද පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා සඳහන් කළේය.

    එමෙන්ම මාර්ටින් චොන්ගොන් මහතා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවීමට නියමිතව තිබේ.
    ඉන් අනතුරුව අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මහලේකම්වරයා සභානායක සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවීමටද නියමිත බව මහලේකම්වරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya