ඇමරිකාවේ පදිංචි ශ්‍රී ලාංකික පරිත්‍යාගශීලින්ගේ දායකත්වයෙන් ලැබුණු මෙම පරිත්‍යාග තොගය රොටරි සමාජ නිලධාරීහු විසින් අද (09) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා වෙත බාරදෙනු ලැබීය.
මෙහිදී බාරදෙනු ලැබූ ඖෂධ හා උපකරණ පරිත්‍යාගයන් අතර වෛද්‍ය උපකරණ, වෛද්‍ය ආරක්ෂිත මෙවලම් කට්ටල, හදිසි ප්‍රතිකර්ම සේවා කට්ටල, රෝගී ප්‍රවාහනයේ දී උපකාර වන වෛද්‍ය උපකරණ හා ඖෂධ ඇතුලු ඖෂධ හා උපකරණ වර්ග 300 ක පමණ ප්‍රමාණයක් වේ.
මෙම පරිත්‍යාග වැඩසටහනට සමගාමීව මෙයට සතියකට පමණ පෙර රුපියල් මිලියන 73 ක හා මසකට පමණ පෙර රුපියල් මිලියන 221 ක පමණ වටිනාකමකින් යුත් ඖෂධ හා උපකරණ තොගයක් ද “කොළඹ රිජන්සි රොටරි සමාජය” විසින් මෙරට සෞඛ්‍ය සේවාව සදහා පරිත්‍යාග කෙරිණි.
මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මේ වන විට අප රට මුහුණ දී තිබෙන්නේ තීරණාත්මක පරිච්ඡේදයකට බවත්, එම තත්ත්වය තුල ලොව පුරා රාජ්‍යයන් සහ ජාත්‍යන්තර සංවිධානවල සහයෝගය අත්‍යාවශ්‍ය බව ද පැවැසීය. විශේෂයෙන්ම එවැනි අවස්ථාවක සෞඛ්‍ය අමාත්‍යාංශය ලෙස රටෙහි සෞඛ්‍ය පද්ධතියට අවශ්‍ය සහයෝගය වෙනුවෙන් පරිත්‍යාග ලබා ගැනීම උදෙසා කටයුතු කරනු ලබන බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
රටෙහි සෞඛ්‍ය පද්ධතියට පරිත්‍යාග ඔස්සේ සියළු අවශ්‍යතාවයන් සම්පූර්ණ කළ නොහැකි වුව ද එම අවශ්‍යතාවයන් සම්පූර්ණ කිරිම වෙනුවෙන් උපරිම උත්සාහයක යෙදෙන බව ද හෙතෙම පැවැසීය. මේ වනවිට ලෝක සෞඛ්‍ය සංවිධානය හා එක්ව පරිත්‍යාග සදහා ඒකාබද්ධ ගිණුමක් ආරම්භ කර ඇතැයි ද ඒ තුල විනිවිදභාවයකින් යුතුව කටයුතු කරනු ලබන බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙනු ලැබීය.
කොවිඩ් වසංගතය මෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බොහෝ අවශ්‍යතාවයන් තුල රෝගී සත්කාරක සේවාව වෙනුවෙන් “සුවසැරිය” ගිලන් රථ සේවාව ඉතා ඉහළ කාර්යභාරයක් ඉටු කරන බවද සෞඛ්‍ය අමාත්‍යවරයා කීය.
විශේෂයෙන්ම “කොළඹ රිජන්සි රෝටරි සමාජය” මෙරට ජනතාව උදෙසා මෙන්ම විශේෂයෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයට ලබාදෙන සහයෝගය මේ මොහොතේ අතිශය වැදගත් යැයි ද එවැනි සංවිධානයන් හි සහයෝගය පවතින ව්‍යසන තුලින් නැගී සිටීමට අත්වැළක් වනු ඇතැයි ද සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මෙහිදී වැඩිදුරටත් පැවැසීය.
මෙම අවස්ථාවට ජනාධිපති උපදේශක සාගල රත්නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, දිස්ත්‍රික් 3220 (ශ්‍රී ලංකා සහ මාලදිවයින) රෝටරි සමාජයේ අධිපතිනී පුබුදු ද සිල්වා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සුනිල් ද අල්විස්, සෞඛ්‍ය අමාත්‍යංශයේ කොවිඩ් 19 සම්බන්ධිකාරක සහ තාක්ෂණික සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි, කොළඹ රිජන්සි රෝටරි සමාජයේ සභාපති රමේෂ් සෙනෙවිරත්න, මෙම වැඩසටහනේ සම්බන්ධීකාරක ප්‍රභූ සුන්දරාඡ් සහ එහි නිලධාරින් වන අල්තාෆ් ස්මයිල්, ෆර්ෂානා ඛාන්, නෙලුකා ද අල්විස්, “සුවසැරිය” ගිලන් රථ සේවාව වෙනුවෙන් මහාචාර්ය අසිත ද සිල්වා, ප්‍රධාන විධායක නිලධාරි සොහාන් ද සිල්වා යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.