පෙබරවාරි 04, 2025
tami eng youtube  twitter facebook

    අගමැති පාර්ලිමේන්තුවට ලක්ෂ ගණනක් ඉතිරි කරයි

    සැප්තැම්බර් 12, 2022

    අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, පාර්ලිමේන්තුවේ සභානායකවරයා ලෙස කටයුතු කළ පසුගිය කාලයේ, එම ධුරයේ නිල රථයට හිමි ඉන්ධන දීමනාවෙන් විශාල මුදලක් ඉතිරි කර, පාර්ලිමේන්තු සභානායක කාර්යාලය වෙත යළි භාර දී තිබේ.

    ඒ අනුව එතුමා සභානායක ලෙස සිටි 2020 ජනවාරි මාසයේ සිට 2022 ජූලි මාසය දක්වා, ඉතිරි කළ ඉන්ධන දීමනාවේ වටිනාකම රු. 1,568,000ක් (රුපියල් පහළොස් ලක්ෂ හැට අට දහසක් ) වේ. එම ප්‍රතිපාදන නැවත පාර්ලිමේන්තු සභානායක කාර්යාලය වෙත භාර දී ඇත.

    එමෙන්ම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සභානායකවරයා ලෙස කටයුතු කළ අවධියේදී අමාත්‍යංශ, දෙපාර්තමේන්තු, සංස්ථා, ව්‍යවස්ථාපිත ආයතන ඇතුළු සියලු රාජ්‍ය ආයතන විසින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු වාර්තාවල පිටපත් සංඛ්‍යාව සඳහා සිදුකරන විශාල වියදම් අඩු කිරීමටද කටයුතු කළේය.

    ඒ අනුව, එක් භාෂාවකින් 350 බැඟින් භාෂා ත්‍රිත්වයෙන්ම මුද්‍රණය කළ පොත් සංඛ්‍යාව, භාෂා තුනෙන් ම පිටපත් 12 දක්වාද, 248ක් වූ සංයුක්ත තැටි සංඛ්‍යාව 02 දක්වාද ගෙන ඒමෙන් අතිරේක වියදම් අඩු කෙරිණි.

    එම මුදල යළි භාරදීම පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පසුගියදා සිදුවූ අතර, එම අවස්ථාවට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙන්ම වර්තමාන සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාද, සභානායක ලේකම්වරයාද, අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු කටයුතු ලේකම්වරයාද එක්වූහ.

     

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya