පෙබරවාරි 04, 2025
tami eng youtube  twitter facebook

    විදේශ රැකියා සදහා පිටත්වූ සංඛ්‍යාව ලක්ෂ දෙකත් පනී

    සැප්තැම්බර් 12, 2022

    විදේශ ගත ශ්‍රමික ප්‍රේෂණ ලැබීම ඩොලර් මිලියන 325 දක්වා සියයට 16 කින් ඉහළට - විදේශ රැකියා සදහා පිටත්වූ සංඛ්‍යාව ලක්ෂ දෙකත් පනී



    මේ වසරේ ජුලි මාසයට සාපේක්ෂව අගෝස්තු මාසයේදී විදේශ ගත ශ්‍රමිකයින් මෙරටට එවූ විදේශ විනිමය සියයට 16.4කින් ඉහළ ගොස් ඇති බවත්, මේ වසරේදී විදේශ රැකියා සදහා පිටත්වීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිවී ඇති ශ්‍රමිකයින්ගේ සංඛ්‍යාව ලක්ෂ දෙක ඉක්මවා ඇති බවත් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.

    ජුලි මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 279 ක් වූ විදේශ ගත ශ්‍රමික ප්‍රේශණ ප්‍රමාණය අගොස්තු මාසය වන විට ඩොලර් මිලියන 325 ක් දක්වා ඩොලර් මිලියන 46කින් ඉහළ ගොස් ඇතැයි අමාත්‍යවරයා සදහන් කරයි.

    නීත්‍යානුකූලව බැංකු ක්‍රමය හරහා මෙලෙස මුදල් එවා ඇති සෑම විදේශ ගත ශ්‍රමිකයෙක්ටම සිය ස්තුතිය පුද කරන බවද, මේ අවස්ථාවේදී සියලුම ශ්‍රී ලාංකිකයින්ට විදේශ ගත ශ්‍රමිකයින්ගේ සහාය අත්‍යවශ්‍ය බවද අමාත්‍යවරයා සදහන් කළේය.

    මේ අතර මේ වසර තුළදී විදේශ රැකියා සදහා පිටත්ව යාමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිවූ ශ්‍රමික සංඛ්‍යාව ලක්ෂ දෙක ඉක්මවා ගොස් තිබේ. මේ වසරේදී ශ්‍රමිකයින් ලක්ෂ තුනක් විදේශ රැකියා සදහා පිටත් කර යැවීමේ ඉලක්කයක් පැවති අතර එම ඉලක්කය තුන් ලක්ෂ තිස් දහස දක්වා ඉහළ නැංවීමට කටයුතු කර ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya