ඒ මහතා මේ බව පැවසුවේ නෙළුම් කුලුණ පරිශ්‍රයේදී අද (12) පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිණි. මේ අවස්ථාවට එක් වූ ජනමාධ්‍යවේදීන්ට නෙළුම් කුළුණ නිරීක්ෂණය කිරීමට ද අවස්ථාව උදා විය.
වැඩිදුරටත් අදහස් දැක් වූ ප්‍රසාද් සමරසිංහ මහතා, විදේශ සංචාරකයන් ආකර්ෂණය කර ගැනීම සහ විදෙස් මුදල් ලබා ගැනීමේ කේන්ද්‍රස්ථානයක් වශයෙන් අදියර 3ක් යටතේ කුලුණ විවෘත කරන බවයි.
නෙළුම් කුළුණ පරිශ්‍රයට ඇතුල් වීමසඳහා ප්‍රවේශ පත් මිලදී ගත යුතු අතර , ප්‍රවේශ පතක් රුපියල් 2000 සහ රුපියල් 500 යන මිල ගණන් යටතේ වෙයි. පාසල් ළමුන් සඳහා ප්‍රවේශපතක මිල රු 200ක් වේ. විදේශිකයින් සඳහා ප්‍රවේශපතක් ඩොලර් 20කි. රු500ට අලෙවි වන ප්‍රවේශ පත් යටතේ කුළුණේ උඩට යාම කණ්ඩායම් වශයෙන් සිදු කරන අතර රු 2000ට අලෙවි වන ප්‍රවේශපත් යටතේ තනිව ගොස් නවමු අත්දැකීම විඳගත හැකිය.
පළමු අදියර යටතේ අවන්හල්, සංගීත ප්‍රසංග ආදී වැඩසටහන් ආරම්භ කිරීමට නියමිත අතර දෙවන අදියර යටතේඩිජිටල් ආට් මියුසියම්, ඩිජිටල් බැංකු වැනි වැඩසටහන් හඳුන්වාදීමට නියමිතය. තුන්වන අදියර යටතේ සිනමාහල් , ආපනශාලා ආරම්භ කිරීමට නියමිතය.
නෙළුම් කුළුණ ඉදිකිරීම් 2012 වසරේ දී ආරම්භ කෙරුණු අතර 2022 පෙබරවාරි 28 වැනි දින ඉදිකිරීම් අවසන් කරමින් එය ලංකා රජයට භාර දෙන ලදී. මේ නෙළුම් කුළුණ නැරඹීමට පැමිණෙන ජනතාවට බිම් මහලේදී ප්‍රසිද්ධ අවන්හල්වල සහ සමරු වෙළෙඳසැල්වල අත්දැකීම ලබාගත හැකි අතර, ප්‍රසිද්ධ වාණිජ බැංකු කිහිපයක් ද බිම් මහලේ ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබේ.