අද (12) සිය ධුරයේ රාජකාරී ආරම්භ කරමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.
ජනමාධ්‍ය තුළ අතත්‍ය සන්නිවේදනය ඉතා ප්‍රබල ස්ථානයක තිබෙන බව අපි දන්නවා.ඒ සියල්ල ශක්තිමත් කරමින් රාජ්‍ය මාධ්‍ය සියල්ල නවීකරණය කරමින් , විධිමත් කරමින් ඉදිරියට ගෙන යනවා සේම පෞද්ගලික මාධ්‍යට නිදහස් පරිසරයක් තුළ කටයුතු කිරීම සඳහා අවශ්‍ය ඉඩ ප්‍රස්ථාව ලබා දෙනවා.
ආර්ථිකය ශක්තිමත් කිරීමට ජනමාධ්‍යයෙන් කළ යුතු කාර්යභාරයක් තිබෙනවා. ජාත්‍යන්තරය තුළ අපට විශාල සහයෝගයක් අවශ්‍ය වෙලාවක් . වැරදි ප්‍රචාර ගෙන යාම වළක්වා ධනාත්මක ප්‍රවේශයක් ලබා ගැනීමට කළ යුතු යුතුකම් කොටස ඉටු කරනවා.
දේශපාලක්ඥයින් , රාජ්‍ය නිලධාරින් සහ සියළු දෙනා එක්ව රට වැටී තිබෙන ගොඩ ගැනීම සඳහා සියලු දෙනා එක්විය යුතු බවත් ඒ සඳහා ආකල්පමය වෙනසක් ඇති කර ගත යුතු බව ජනමාධ්‍ය අමාත්‍යවරයා පැවසීය.
මෙම අවස්ථාවට වරාය සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා,ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට මහතා,රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහතා ඇතුළු, ආයතන ප්‍රධානින් රැසක් එක්ව සිටියහ.