මහජන සහභාගීත්වය සහිත ශක්තිමත් ආංශික අධීක්ෂණ කාරක සභා පිහිටුවීම ඇතුළු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් මෑත කාලීනව ගත් වඩාත් සාධනීය පියවරයන් පිළිබදව මෙහිදී කථානායකවරයා මාර්ටින් චොන්ගොන් මහතාට කරුණු පැහැදිළි කළේය.
ජාතික අවශ්‍යතා සදහා ප්‍රතිපත්තිමය සහ ප්‍රමුඛත්වය ලබාදිය යුතු කරුණු කෙරෙහි මග පෙන්වීමට පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තු ජාතික සභාවක් පිහිටුවීමට අපේක්ෂා කරන බවද මෙහිදී කථානායකවරයා පැවසීය. තවද, සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමේ අවශ්‍යතාව කථානායකවරයා අවධාරණය කළේය. ඊට අමතරව මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සහ 22 වැනි සංශෝධනය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.
ජනතාවගේ අවශ්‍යතා සහ ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වීමට බලධාරීන් ගන්නා උත්සාහය ද අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මහලේකම්වරයාගේ පැසසුමට ලක්විය. ජාතික දේශපාලනික කරුණුවලදී තරුණ ප්‍රජාවගේ, කාන්තාවන්ගේ සහ අනෙකුත් විශේෂ අවශ්‍යතා සහිත කණ්ඩායම්ද සහභාගී කරවා ගැනීමේ වැදගත්කම මාර්ටින් චොන්ගොන් මහතා මෙහිදී අවධාරණය කළේය.
මහා බ්‍රිතාන්‍යයේ පාර්ලිමේන්තු ක්‍රමයට සමාන විනිවිදභාවයකින් යුත් ශක්තිමත් මාධ්‍ය ආවරණයක් සහිතව පාර්ලිමේන්තුව මහජනතාවට විවෘත කිරීම ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට ඉවහල්වන බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා මෙහිදී ප්‍රකාශ කළේය. එම අදහස අනුමත කරමින් අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මහලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේ පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳව ජනතාව දැනුවත් කිරීම වැදගත් බවත් නිවැරදි තොරතුරු එලෙසින්ම මහජනතාවට සමීප කිරීමට ජනමාධ්‍ය වගකීමෙන් ක්‍රියා කළ යුතු බවත්ය.
කථානායකවරයාගේ මවගේ අභාවය වෙනුවෙන් අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මහලේකම්වරයා සිය ශෝකය ද මෙහිදී පළ කළේය. පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීම සඳහා නිරතුරුව එක්ව කටයුතු කරන බවටද ඔහු සහතික විය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයාව සිටියදී සිදුකරන ලද අරාධනාවකට අනුව අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මහලේකම්වරයා ( සැප් 11) මෙරටට පැමිණියේය.