රට තුළ ක්‍රීඩාවට සම්බන්ධ නිළධාරීන් 14,500 කට ආසන්න පිරිසක් සේවය කරයි. එමෙන්ම ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවට විවිධ ආයතන හා අංශ ගණනාවක් සෘජුව දායකත්වය සපයයි. මෙම ආයතන අතර අන්තර් සම්බන්ධතාවයක් නොතිබීම හේතුවෙන් මෙතෙක් කාලයක් ක්‍රීඩාවේ නියාමනයන් කිසිවක් සිදු නොවූ අතර ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට බොහෝ ගැටලු වලට මුහුණ දීමට සිදු වී තිබේ. එම හේතුව නිසා ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව ද යම් පසුබෑමකට ලක්ව ඇති බව පෙනේ.
ගම් මට්ටමින් දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හදුනාගැනීමට නොහැකි වීම, ඔවුන් ජාත්‍යන්තර තලය දක්වා රැගෙන යාමට නිසි වැඩපිළිවෙලක් නොමැති වීම, විවිධ හේතුන් හා දුෂ්කරතාවයන් නිසා දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ක්‍රීඩාව අතරමග නැවත්වී වැනි අවස්ථා දැකගත හැකිය. මෙවැනි කරුණු දෙස බැලීමේදි දැකගත හැකි වනුයේ ක්‍රීඩාව සදහා වග කියන ආයතන කිසිවක් එකිනෙක සමග අන්තර් සම්බන්ධතා නොමැතිකම හා ජාතික සැළැස්මක් නොමැතිකම මෙයට ප්‍රධාන හේතුව බවයි.
මෙයට පිලියමක් ලෙස සෘජුවම ක්‍රීඩාවට සම්බන්ධ ආයතන ලෙස හදුනාගත් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය, ජාතික ක්‍රීඩා සභාව, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව, අධ්‍යාපන අමාත්‍යාංශය, ක්‍රීඩා සංගම් හා සම්මේලන, පළාත් සභා , ත්‍රිවිධ හමුදා හා පොලීසිය, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය, ජාතික තරුණ සේවා සභාව, ජාතික යොවුන් සේනාංකය එක්ව 2022.09.15 වන දින පෙ.ව.9.00 ට ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේ දී එකාබද්ධ හමුවක් පැවැත්වීමට කටයුතු සැළසුම් කර ඇත.
මෙම හමුවෙහි අරමුණ ආයතන සියල්ල එකාබද්ධ කර ජාතික ක්‍රීඩා සැළැස්මක් සැකසීමයි. ඒ සදහා වර්තමාන ක්‍රිඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මූලිකත්වය ගෙන කටයුතු කරන අතර, මෙමගින් ගම් මට්ටමින් ක්‍රීඩාවට දක්ෂ දරුවන් හදුනාගැනීමට හා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තමන්ගේ දක්ෂතා අනුව උපරිම තලයට යාමට රටක් ලෙස අවශ්‍ය ශක්තිය ධෛර්යය ලබා දීමට හැකිවනු ඇත.
රටක් ලෙස ක්‍රිඩා ආර්ථිකයකට යොමු වීමේ වැදගත්කම, ක්‍රීඩකයා වෘත්තීමය ක්‍රීඩකයෙක් බවට පත් කිරීමෙන් ඔවුනට ලැබෙන ප්‍රතිලාභ මෙන්ම කාලීන අවශ්‍යතාවයන් ද හදුනාගනිමින් එය ද ජාතික සැළැස්ම සදහා ඇතුළත් කිරීමට මෙහි දී සාකච්ඡා කෙරේ.
ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය.