ඇමතිවරයා මේ බව පැවසුවේ, අද(13) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දි පැවැති කැබිනට් තීරණ දැනුම් දිමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.
කැබිනට් මණ්ඩලයටත්,විපක්ෂ නායකවරයා ඇතුළු අදාළ කෝපා හා කෝප් ඇතුළු මුදල් කාරක සභාවල සභාපතිවරුන් ඉදිරිපත් කිරීමට යථා කාලයේ දි කටයුතු කරන බව එහි කිසිදු සැඟවිමක් නොමැති බව ඇමතිවරයා අවධාරණය කළේය.
එසේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වු එක්සත් ජාතින්ගේ නියෝජිත ආයතනයේ ප්‍රධානී සමන්තා පවෙල් මහත්මිය අතර කළ සාකච්ඡවේ දි ආණ්ඩු ක්‍රම ව්‍යාවස්ථාවේ සංශෝධනයක් හා පවතින මැතිවරණ ක්‍රමයේ වෙනසක් සිදු කළ යුතු බවද ,එම වෙනසකට සමහර පක්ෂ එකඟ වෙන්නේ නැත්නම් ජනමත විචාරණයක් සිදු කළ යුතු බවද එහිදි ප්‍රකාශ වූ බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, මාධ්‍යවේදියෙකු නැඟු පැනයකට පිළිතුරු දෙමිනි.