වී මිල දී ගැනීම සම්බන්ධයෙන් ඊයේ (12) දින කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡාව වූ බවත්, ඒ සම්බන්ධයෙන් තීන්දු කිහිපයක් ගත් බවත් අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවසුවේ, අද (13) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි
සතොස මඟින් වි මිල දි ගෙන සතොස වෙළඳ සැල් මඟින් අලෙවි කිරිමටත්,රටේ ආහාර සංචිතවල අඩුවක් ඇති වේවැයි බියෙන් විදේශ රටවලින් මෙරටට සහල් ආනයන කළත්, ඉදිරියේදි එය ක්‍රමානුකූලව අඩු කිරිමටත්,පසුව නතරකිරීමටත් තීරණය කළ බවත්, අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
එමෙන්ම මේ වන විට වී අලෙවි මණ්ඩලයේ බැංකු මඟින් වාරිකයක් ඉල්ලා ඇති අතර එහි දි බැංකුවල ණය සීමාවන් සම්බධයෙන් ගැටලු ඇති වි ඇති හෙයින්,ඒ සම්බන්ධයෙන් අද(13) දින ජීවන වියදම් කමිටුව රැස් වී සාකච්ඡාවක් සිදු වන බව ද අමත්‍යවරයා පැවසීය. මේ නිසා ඉතා ඉක්මනින් ගොවි ජනතාවගේ ගැටලුවට විසදුමක් දිය හැකි බව ද අමාත්‍යවරයා පැවසීය