මෙම වැඩපිළිවෙල දිවයින පුරා පිහිටි ආයුර්වේද නිෂ්පාදන අලෙවි කරනු ලබන හෙළ ඔසුසැල් තුළ සතියේ දින 07 ම ක්‍රියාත්මක කිරීමට නියමිත අතර එහිදී දිවයිනේ ප්‍රසිද්ධ දේශීය වෛද්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් පාරම්පරික වෛද්‍ය ප්‍රතිකාර මෙන්ම, ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර ඉතා සහනදායී මිල ගණන් යටතේ ලබා දීමට කටයුතු යොදා ඇති අතර එහිදී සර්වාංග රෝග, කැඩුම් බිඳුම්, කාන්තා රෝග ඇතුළු රෝග රැසක් සඳහා ප්‍රතිකාර සේවා ලබා දීම සිදු කරනු ලබයි.
මේ පිළිබඳව අදහස් දැක්වූ ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සභාපතිනි සාගලා අබේවික්‍රම, අද දින ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවට අයත් හෙළ ඔසුසැල් පරිශ්‍ර ආශ්‍රිතව ආයුර්වේද සායන මධ්‍යස්ථාන දීප ව්‍යාප්තව පිහිටුවීමේ වැඩපිළිවෙල ආරම්භ කරනු ලැබුවා. දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මැතිතුමාගේ අදහසකට අනුව මෙම වැඩපිළිවෙල දිවයින පුරා සතියේ දින 07ම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විට සුදානම් කර තිබෙනවා. එමගින් රෝගීන්ට ඉතා පහසුවෙන් ඔවුන්ගේ අභිමතය පරිදි වෛද්‍යවරුන් තෝරා රෝගී ප්‍රතිකාර සේවාවන් සහනදායී මිල ගණන් යටතේ ලබා ගැනීමට හැකියාව උදාවනු ලබනවා යැයි ප්‍රකාශ කර සිටියාය.
එම අවස්ථාවට ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂ ශාන්ත ලියනගේ මහතා ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.