පෙබරවාරි 02, 2025
tami eng youtube  twitter facebook

    කේරළ ගංජා තොගයක් වයඹ මුහුදේදී අත්අඩංගුවට

    සැප්තැම්බර් 14, 2022

    ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව එක්ව 2022 සැප්තැම්බර් මස 13 වන දින සවස වයඹ මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 434 (තෙත බර සහිත) ක පමණ තොගයක් රැගත් ඉන්දීය ඩව් යාත්‍රාවක් සමඟ එහි සිටි ඉන්දීය ජාතික සැකකරුවන් 05 ක් අත්අඩංගුවට  ගෙන තිබේ.

    තවද, එම ජාවාරමට සම්බන්ධ බවට සැකකෙරෙන මෙරට ධිවර යාත්‍රාවක් සමඟ ශ්‍රී ලාංකීය සැකකරුවන් 05 ක් ද මෙම මෙහෙයුමේදි අත්අඩංගුවට ගන්නා ලදි.

     මුහුදු මාර්ග ඔස්සේ සිදුවන ජාවාරම් සහ නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීමේ අරමුණෙන් දිවයින වටා වූ මුහුද හා වෙරළාශ්‍රිත ප්‍රදේශයන් ආවරණය වන පරිදි ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව නිරන්තර සෝදිසි මෙහෙයුම් සහ මුර සංචාර සිදුකරනු ලබයි. ඒ අනුව, ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක නෞකා 'සුරක්‍ෂා' නෞකාව මඟින් ශ්‍රී ලංකාවට වයඹ දෙසින් වූ මුහුදේ 2022 සැප්තැම්බර් මස 13 වන දින සවස් කාලයේ සිදුකළ මෙම විශේෂ මෙහෙයුමේදී, පුත්තලම කුදිර‍මලේ තුඩුවට බටහිර දෙසින් වූ අන්තර්ජාතික මුහුදු සීමාව උල්ලංඝනය කරමින් මෙරට මුහුදු සීමාවට ඇතුළු වූ ඉන්දීය ඩව් යාත්‍රාවක් පරීක්‍ෂා කරන ලදි. එහිදී, එම ඉන්දීය ඩව් යාත්‍රාව තුල තිබූ උර 09 ක අසුරන ලද කේරළ ගංජා කිලෝග්‍රෑම් 434(තෙත බර සහිත) ක පමණ තොගයක් සමඟ ඉන්දීය ජාතිකයින් පස් දෙනෙකු (05) 'සුරක්‍ෂා' නෞකාව මඟින් අත්අඩංගුවට ගන්නා ලදි.

     එමෙන්ම, මෙම ඉන්දීය ඩව් යාත්‍රාවෙන් රැගෙන ආ කේරළ ගංජා තොගය මුහුදේදී හුවමාරු කර මෙරටට රැගෙන ඒම සඳහා එම මුහුදු ප්‍රදේශයට පැමිණි බවට සැකකෙරෙන මෙරට එක්දින ධීවර යාත්‍රාවක් සහ එහි සිටි ශ්‍රී ලාංකික සැකකරුවන් පස් දෙනෙකු (05) ද 'සුරක්‍ෂා' නෞකාව මඟින් අත්අඩංගුවට ගැනිමට කටයුතු කෙරිණි.

     මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන 130 ක් පමණ වෙතැයි විශ්වාස කෙරේ.

     තවද, අත්අඩංගුවට ගත් ඉන්දීය හා මෙරට සැකකරුවන්, යාත්‍රා සහ කේරළ ගංජා තොගය මේ වන විට ගොඩබිමට රැගෙන එමින් පවතින අතර, මූලික විමර්ශන වලින් අනතුරුව ඉදිරි නීතිමය කටයුතු සඳහා කල්පිටිය පොලිස්ථානය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya