ජනවාරි 10, 2025
tami eng youtube  twitter facebook

    උතුරු දුම්රිය ධාවනය යළි ඇරඹේ

    ඔක්තෝබර් 28, 2024

    ප්‍රතිසංස්කරණ කටයුතු හේතුවෙන් මාස 10කට ආසන්න කාලසීමාවක් තාවකාලිකව නවතා තිබු කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා ධාවනය වූ යාල්දේවී මගී දුම්රිය අද (28) සිට යළි ධාවනයට එක්කරන බව ප්‍රවාහන හා මහමාර්ග අමාත්‍යාංශය පෙන්වා දෙයි.

    විෂය භාර අමාත්‍ය විජිත හේරත් මහතාගේ උපදෙස් අනුව ඉතා කෙටි කාලයකදී  යාල් දේවී උතුරු ගමන නැවත ආරම්භ කිරීමට කටයුතු කර තිබේ. 

     

    කීලෝමීටර 68ක් වන මෙම මහව - අනුරාධපුර දුම්රිය මාර්ගය වසර 119 කට පසු (වර්ෂ 1905 න්‌ පසු) මෙවර සම්පූර්ණ අලුත්වැඩියාවකට ලක් කෙරිණි.

    මහව - අනුරාධපුරය අතර වූ මාර්ගයේ පාලම්‌ 12 ක්‌ අඩි 40 කට අඩු දිග ප්‍රමාණයේ පාලම්‌ 25 ක්‌ හා බෝක්කු 26 ක්ද මෙම ව්‍යාපෘතිය යටතේ නවීකරණය කර තිබේ.

    කීලෝමිටර 128ක්‌ දිගැති මහව - ඕමන්ත සම්පූර්ණ දුම්රිය මාර්ග නවීකරණ ව්‍යාපෘතියේ අනුරාධපුර සිට ඕමන්ත දක්වා වූ මාර්ගය මේ වනවිට අවසන්‌ කර තිබේ.

    නවීන තාක්ෂණික ක්‍රමවේද භාවිත කරමින්  ඉදිකළ මෙම දුම්රිය මාර්ග ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තුගත මුදල ඇමරිකානු ඩොලර්‌ මිලියන 91කි. 

    2024 ජනවාරි මස 07 වන දා ආරම්භ කරන ලද මෙම නවීකරණ කටයුතු ඉන්දීය රජයේ ණය ආධාර මත ප්‍රවාහන භා මහාමාර්ග අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ  ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මගින්‌ සිදුකරනු ලැබීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya