ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    මධ්‍යාහ්නය වන විට කෑගල්ලේ 32%ක් ඡන්දය ප්‍රකාශ කර අවසන්

    නොවැම්බර් 14, 2024

    අද මධ්‍යාහ්න 12 වන විට කෑගල්ල දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීම 32%ක ප්‍රතිශතයක් වාර්තා වන බව කෑගල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී රංජන ජයසිංහ මහතා පවසයි.

    අද (14) මාධ්‍යයට අදහස් දක්වමින් කෑගල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරයා මේ බව පැවසුවේය.

    2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාල සියලු කටයුතු මේ වන විට සිදුවෙමින් පවතින බවද පෙරවරු 7ට ඡන්ද මධ්‍යස්ථාන 577ක ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු ආරම්භ වූ බවද, කෑගල්ල දිස්ත්‍රික්කය සඳහා සභිකයන් 09 දෙනෙකු තෝරා පත්කර ගැනීමටද, දේශපාලන පක්ෂ 14ක්, ස්වාධීන කණ්ඩායම් 04ක් සහ අපේක්ෂකයින් 216 දෙනෙකු ඉදිරිපත් වී ඇතැයිද සඳහන් කළේය.

    පස්වරු 04ට ඡන්ද විමසීමේ කටයුතු අවසන් කළ පසු පස්වරු 08 පමණ වන විට සියලුම ඡන්ද පෙට්ටි කෑගල්ල නගරයේ පිහිටා ඇති ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත ළඟාවනු ඇතැයි බලාපොරොත්තු වන බවද පැවසුවේය. පස්වරු 08.30 පමණ සිට ඡන්ද ගණන් කිරීමේ කටයුතු ඇරඹීමට සියලු කටයුතු සූදානම්ව ඇතැයිද, තැපැල් ඡන්ද ගණන් කිරීමේ කටයුතු පස්වරු 04.15ට පමණ ඇරඹීමට බලාපොරොත්තු වන බවද වැඩිදුරටත් පැවසුවේය.

    කෑගල්ල දිස්ත්‍රික්කයේ සමස්ථ කටයුතු ඉතා සාමකාමීව සිදුවෙමින් පවතින බව පැවසූ කෑගල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරයා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දැනුම්දීමට අනූව කෑගල්ලේ සවස්කාලයේ ඇතිවිය හැකි වර්ෂාපතනයට මුහුණදීමට ආපදා කළමනාකරණ සැලැස්මක් සකස්කර ඇතැයිද පැවසුවේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya