දස වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය ආරම්භයේදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම අද පෙරවරු 11.30ට සිදුකරේ. එය, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සිදු කරනු ඇති.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (අ) ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ සභාවාරයක් ආරම්භයේදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (ආ) ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම්වල මුලසුන දැරීමටත්, ජනාධිපතිවරයාට බලතල හිමිව තිබේ
මෙහිදී සිය ආණ්ඩුවේ ඉදිරි දැක්ම පිළිබඳ සවිස්තරාත්මක විග්‍රහයක් ජනාධිපතිවරයා විසින් සිය ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් පාර්ලිමේන්තුවට සහ ජනතාවට ඉදිරිපත් කරනු ලැබේ.