2024 වසරේ අවසන් පුර පසළොස්වක පෝය වන උඳුවප් පුර පසළොස්වක පෝය අදයි.
ලොවුතුරා බුද්ධත්වයට සෙවණ දුන් බෝ සමිඳුන්ට අනිමිස ලෝචන පූජාව කරමින් කළ ගුණ සැලකීමේ ගුණය පෙන්නුම් කළේ අද වැනි දිනකයි.
එමෙන්ම, සංඝමිත්තා තෙරණින් වහන්සේ, භික්ෂූණීන් 11 නමක් සමඟ ලක් දිවට බුද්ධත්වයේ සංකේතය ලෙස පූජනීය ශ්‍රී මහා බෝධිය දක්ෂිණ ශාඛාව සමඟ ලංකාවට වැඩම කළ අතර මෙරට මෙහෙණි සස්න පිහිටුවීම ද උඳුවප් පුරපසළොස්වක පොහොය දිනයේ දී සිදු විය.
නම් බුදුරජාණන් වහන්සේගේ පා පහස ලද ශ්‍රීපාද පත්මය වන්දනා මාන කිරිමේ සමය ඇරඹෙන්නේ ද අද වැනි උඳුවප් පුර පසළොස්වක පෝය දිනයෙනි.