ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    සාමය සතුට පිරි සුභ අලුත් අවුරුද්දක් වේවා ! Featured

    අප්‍රේල් 14, 2015

    ලක්වැසි ඔබ සැමට සාමය සතුට පිරි සුභ අලුත් අවුරුද්දක් වේවා යැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ (වැ.බ.) අධ්‍යක්ෂ ජනරාල්තුමිය ඇතුළු කාර්ය මණ්ඩලය ප්‍රාර්ථනා කර සිටිති.

     

    සිංහල දෙමළ අලුත් අවුරුද්ද ලක්දිව වැසියන් වන අප හට සුවිශේෂී අත්දැකීමකි. සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක‍්‍රමණය වීම මූලික කරගනිමින් සිංහල දෙමළ අවුරුද්ද ශ්‍රී ලාංකිකයන් ලෙස අප සැවොම උත්සවාකාරයෙන් සමරනු ලබති.

     

    එකම සුභ නැකැත් වේලාවන්ට අනුකූලව සිංහල හා දෙමළ ජාතික ශ්‍රී ලාංකීකයින් විශේෂ දෛනික කටයුතු සිදු කරමින් නව වසරකට ගමන් කිරීම සංස්කෘතිකාංග පිරිවරාගනිමින් සිදු කරනු ලැබීම මෙම සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේ විශේෂත්වයයි.

     

    අභිනවචන්ද්‍ර වර්ෂය සඳහා මාර්තු මස 22 වන ඉරිදා දිනයෙන් නව සඳ බැලීම චාරිත්‍රෙයන්ආරම්භ වූ අලුත් අවුරුදු නැකැත් අභිනව සූර්ය වර්ෂය සඳහාඅප්‍රේල් මස 23 වන බ්‍රහස්පතින්දා දින ද  නව සඳ බැලීම චාරිත්‍රෙයන් අවසන් වේ.

     

    පරණ අවුරුද්දට ස්නානය කිරීම ඊයේ (13) දිනයේ දිවුල්පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා  අනුස්මරණයෙහි යෙදීමෙන් සිදු කරන ලදී.

     

    අලුත් අවුරුදු උදාව අද (14) අපර භාග 01.47 ට සිදු වෙන  අතර පහත නැකැත් වේලාවන්ට අනුව අලුත් අවුරුද්දේ සියලු චාරිත්‍ර සිදු කරනු ලබයි.

     

    පුණ්‍ය කාලය

     

    අප්‍රේල්මස 14 වන අඟහරුවාදා පූර්ව භාග 07.23 සිට අපර භාග 08.11 දක්වා පූණ්‍ය කාලයබැවින්, අප්‍රේල් මස 14 වන අඟහරුවාදා පූර්ව භාග 07.23  ට  පළමුව ආහාරපානගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම ද , පුණ්‍ය කාලයේ අපර කොටස තුළඑනම්, 14 වන අඟහරුවාදා අපර භාග 01.47   සිට අපර භාග 08.11 දක්වා  පහතදැක්වෙන අයුරු වැඩඇල්ලිම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය ආදී අවුරුදුචාරිත්‍ර විධි ඉටුකිරිම ද මැනවි.

     

    ආහාර පිසීම

     

    අප්‍රේල්මස 14 වන අඟහරුවාදා අපර භාග 02.05 ට රතු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසීනැගෙනහිර දිශාව බලා ලිප් බැඳ ගිනි මොළවා දී කිරි සහ උක් හකුරු මිශ්‍ර  රතුකැකුළු කිරිබතක් ද විළඳ මිශ්‍ර කැවිලි වර්ගයක් ද පිළියෙල කරගැනීම මැනවි.

     

    වැඩඇල්ලීම, ගනුදෙනු කිරිම හා ආහාර අනුභවය

     

    අප්‍රේල්මස 14 වන අඟහරුවාදා අපර භාග 02.42 ට රතු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසීනැගෙනහිර දිශාව බලා සියලු වැඩ අල්ලා, ගනුදෙනු කොට ආහාර අනුභවය මැනවි.

     

    හිසතෙල් ගෑම

     

    අප්‍රේල්මස 15 වන  බදාදා ලා කොළ පැහැති  වස්ත්‍රාභරණයෙන් සැරසි  පූර්ව භාග 09.06දකුණු  දිශාව බලා  හිසට කොහොඹ පත් ද , පයට කොළොන් පත් ද තබා  තෙල් සහ  කොහොඹ පත්  යුෂ මිශ්‍ර  නානු ද ගා  ස්නානය කිරිම මැනවි.

     

    රැකීරක්ෂා සඳහා පිටත්ව යෑම

     

    අප්‍රේල්මස 22  වන බදාදා  ලා කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී හකුරු හා තල මිශ්‍රකිරිබතක් හා කැවිලි වර්ගයක්  අනුභව කර පූර්ව භාග  06.02  ට නැගෙනහිර දිශාවබලා රැකිරක්ෂා සඳහා පිටත් ව යෑම මැනවි.

     

    සේවා අවශ්‍යතා සඳහා පිටත්ව යෑම

     

    අප්‍රේල්මස 17  වන සිකුරාදා සුදු නිල්  පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී හකුරු මිශ්‍රකිරිබතක් අනුභව කර පූර්ව භාග 06.03 ට උතුරු දිශාව බලා රැකිරක්ෂා සඳහාපිටත්ව යෑම මැනවි.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya