ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකන් අද සිට චෙන්නායි වෙත පියාසර කරන වාර ගණන ඉහළට Featured

    අප්‍රේල් 16, 2015

    ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සමාගම, කොළඹ සිට දකුණු ඉන්දීය නගරයට සිය සිව්වන ගුවන් ගමන එකතු කිරීමත් සමඟ චෙන්නායි වෙත ශ්‍රී ලංකන් ගුවන් ගමන් වාර ගණන වැඩි වී ඇත. මෙම නව සේවාව අද (16) සිට ක්‍රියාත්මක වන වනු ඇත.

     

    මෙම එකතුවත් සමඟ ශ්‍රී ලංකන් ගුවන් සමාගම ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සතියකට ගුවන් ගමන් වාර 86 ක්  සිදු කරයි.

     

    මෙම ගුවන් ගමන් නැවත හඳුන්වාදීමක් සමඟ වැඩි වූ මෙම ගුවන් ගමන් වාරයන් මඟින් මගීන්ට වැඩි පහසුවක් ලබා දීම ගුවන් සේවයේ අරමුණ බව ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. ඉන්දීය වෙළෙඳ පොළෙහි විශේෂයෙන් චෙන්නායි හි වැදගත්කම යනුවෙන් මේ නව පියාසැරිය පිළිබඳව ගුවන් සමාගම සිය නිවේදනය නිකුත් කර ඇත.

     

    චෙන්නායි යනු අප වෙනුවෙන් ප්‍රධාන වෙළෙඳපොළක් හා දකුණු ඉන්දියාවේ වේගයෙන් වර්ධනය වන නගර අතරින් එකක් වන බවත් මෙම වෙළද පොළෙන් අපට ඉහළ ප්‍රතිචාරයක් ලැබී ඇති අතර සෑම විටම චෙන්නායි, සියලු බහුජාතික සමාගම් සඳහා ප්‍රධාන ව්‍යායාපාරික මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කරන බවත් මෙම සුවිශේෂී අවස්ථාව පිළිබඳ අදහස් දක්වමින්, සමාගමේ ගෝලීය විකුණුම් සාමාන්‍යාධිකාරී සමින්ද පෙරේරා මහතා පවසා සිටියේය.

     

    ශ්‍රී ලංකාව සහ චෙන්නායි අතර මෙම දෛනික ගුවන් ගමන් වර්ධනය වන ව්‍යාපාරික, ආයතනික හා සංචාරක ඉල්ලුම සපුරාලීමට සමත් වනු ඇතැයි ඒ මහතා කියා සිටියේය.

     

    ඔහු තවදුරටත් පැවසුවේ මෙම වාර ගණන වැඩිවීම ද චෙන්නායි වෙත අපගේ බැඳීම තවත් ඉහළ නංවන අතර ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවත්නා ගැඹුරු වාණිජ හා ද්විපාර්ශවීය සබඳතා තව දුරටත් ශක්තිමත් කරනු ඇති බවයි.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya