ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    කෙන්යානු ආරක්ෂක විද්‍යාලයේ දූත පිරිසක් ආරක්ෂක ලේකම් හමුවේ Featured

    අප්‍රේල් 21, 2015
    ශ්‍රී ලංකාවේ අධ්‍යනය චාරිකාවක නියුතු කෙන්යානු ජාතික ආරක්ෂක විද්‍යාලයේ දූත පිරිසක් ඊයේ (20) ආරක්ෂක අමාත්‍යංශ පරිශ්‍රයේ දී ආරක්ෂක ලේකම් බී. එම්. යූ. ඩී. බස්නායක මහතා මුණ ගැසිණ.
     
    බ්‍රිගේඩියර් ඒ. කේ. මුලාටා (A. K. Mulata) මහතාගේ ප්‍රධානත්වයෙන් පැමිණි මෙම කෙන්යා දූත පිරිසට එරට ජාතික ආරක්ෂක විද්‍යාලයේ නිලධාරීන් 17 දෙනෙකු පමණ සහභාගී වූහ.
     
    අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී සිදු කරනු ලැබූ මෙම හමුවේ දී ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම්වරයා හා කෙන්යානු දූත පිරිස අතර සුහද සාකච්ඡාවක් පවත්වනු ලැබූ අතර මෙම හමුව අවසානයේ දී මෙම අවස්ථාව සිහිපත්වීම සඳහා කෙන්යානු දූත පිරිස හා ආරක්ෂක ලේකම්තුමා අතර සමරු ඵලක හුවමාරුවක්ද සිදු විය. 
     
    එසේම ආරක්ෂක ලේකම්වරයා හා කෙන්යානු දූත පිරිස මෙහිදී සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya