ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    කෙන්යානු ආරක්ෂක නියෝජිත පිරිස යුද හමුදාපති හමු වෙති

    අප්‍රේල් 21, 2015
    සය දින සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි කෙන්යානු ජාතික ආරක්ෂක විද්‍යාලයේ ඉහළ නියෝජිත පිරිස ඊයේ (20) යුද හමුදා මුලස්ථානයේ දී යුද හමුදාපති හා තවත් යුද හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු හමු වෙති.
     
    කෙන්යානු ජාතික ආරක්ෂක විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික බ්‍රිගේඩියර් ඒ.කේ. මුලාතා, තිස්දෙනෙකුගෙන් සමන්විත මෙම නියෝජිත පිරිසේ ප්‍රධානියා වන අතර, තවත් බ්‍රිගේඩියර් ජෙනරාල්වරුන් දෙදෙනෙකු, කර්නල්වරුන් තිදෙනෙකු, එක් ලුතිතන් කර්නල්වරයෙකු, එක් ගෲප් කපිතාන්වරයෙකු, එක් මේජර්වරයෙකු, සිවිල් නිලධාරින් තිදෙනෙකු සහ කාන්තා නිලධාරිනියක් මේ අතර වේ.
     
    ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා විසින් බ්‍රිගේඩියර් ඒ.කේ. මුලාතා ඇතුලු පිරිස සාදරයෙන් පිළිගත් අතර, පුහුණු කටයුතු පිළිබඳ මෙහිදි ඔවුන්  සාකච්ජා කරන ලදි. අනතුරුව සමරු තිළිණ හුවමාරුවක් ද සිදු විය.
     
    මෙම කණ්ඩායමේ සියලු නියෝජිතයන් යුද හමුදා මූලස්ථාන පුහුණු අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් අරුණ ජයසේකර හමු වී යුද හමුදාවේ ඉදිරි කටයුතු පිළිබඳ සම්පුර්ණ විස්තරයක් ලබාගන්නා ලදී. 
     
    බ්‍රිගේඩියර් ඒ.කේ. මුලාතා කෙන්යා ආරක්ෂක හමුදාවේ ජ්‍යෙෂ්ඨ ගුවන් හමුදා නිලධාරී ලෙස වසර 35ක් සේවය කළ අතර, මේ වන විට ඔහු කෙන්යානු ජාතික ආරක්ෂක විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික ලෙස කටයුතු කරනු ලැබේ. ජාත්‍යන්තර සබඳතා, රාජ්‍ය තාන්ත්‍රික උපායන්, ගැටුම් කළමනාකරණය, ජාත්‍යන්තර නීතිය, ජාතික සහ ජාත්‍යන්තර ආරක්ෂාව ආදිය සම්බන්ධව මොහු විසින් කටයුතු කරනු ලැබේ.
     
     DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya