ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    රජයේ මූලික අපේක්ෂාවන් තුනම සාර්ථකව ඉටු කළා - අමාත්‍ය හර්ෂ ද සිල්වා

    අප්‍රේල් 23, 2015

    දින 100 වැඩසටහන යටතේ රජයේ මූලික අපේක්ෂාවන් වූ ජීවන වියදම අඩු කිරීම, යහපාලනය ගොඩ නැඟීම සහ දූෂණවංචා මර්දනය යන කාරණා තුනම සාර්ථකව ඉටු කරගැනීමට හැකි වූ බව ප්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.

    නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (22) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

     

    රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම, අත්‍යවශ්‍ය ආහාර වර්ග 13ක මිල අඩු කිරීම, ඉන්ධන මිල, ගෑස් මිල අඩු කිරීම, ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර ගිණුම්වල මුල් ලක්ෂ 10 දක්වා සියයට 15ක පොළි අනුපාතයක් දීම, සමෘද්ධි දීමනාව සියයට 200ක් දක්වා වැඩි කිරීම, ගර්භණී මවුවරුන්ට රුපියල් 20,000ක දීමනාවක් ලබා දීම, වී මිල රුපියල් 50 දක්වා වැඩි කිරීම, අමු තේ දළු කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 80 දක්වා වැඩි කිරීම හා යොවුන් පාර්ලිමේන්තුව සඳහා රුපියල් මිලියන 250ක් වෙන් කිරීමටත් යොවුන් සමාජ 2,560ක් පිහිටුවා සාමාජිකයින් 74,400ක් බඳවා ගැනීමටත් දින 100 වැඩසටහන යටතේ රජයට හැකියාව ලැබුණි.

     

    අමතරව, ඉදිරියේ දී අඩුම ගුණාත්මක බවින් යුතු RSS 4/5 රබර් වර්ග සඳහා රුපියල් 110 ක ස්ථාවර මුදලකුත් ගුණාත්මක බව වැඩි RSS 3/2/1 සඳහා රුපියල් 300ක ස්ථාවර මුදලකුත් අප්‍රේල් අවසාන සතියේ සිට ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කළේය. එලෙසම රබර් මිළදී ගැනීම සඳහා ජංගම ඒකකයක් පිහිටුවීමටත් එමගින් කුඩා රබර් වතු හිමියන්ගේ කාර්යාලයට රජයේ නිලධාරීන් පැමිණ මිලදී ගැනීමටත් කටයුතු සලසන්නට ලබන සතියේ ක්‍රියාත්මක වන බව ඔහු පැවසීය.

     

    කිරි මිල ජූලි සිට වැඩි කිරීමටත්, මැයි මස සිට මහපොළ ශිෂ්‍යාධාරය රුපියල් 5,000 දක්වා වැඩි කිරීමටත් නියමිතය.

     

    දින 100 වැඩසටහන රජය ක්‍රියාත්මක කළේ ණය බරින් පීඩිතව සිටි ජනතාවගේ ජීවන බර සැහැල්ලු කර සහන ලබා දීමට බවත් අද එය රජයට සාර්ථකව නිම කිරීමට හැකි වූ බවත් හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කළේය.

     

    මෙම දින 100 වැඩපිළිවෙල ක්‍රියාත්මක වූ මාස තුනක කාලය පුරා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තමන් සමඟ එක්ව රටේ ආර්ථික විද්වතුන්, විශේෂඥයින්, විශ්ව විද්‍යාල ආචාර්යවරු සහ තරුණ කණ්ඩායම් සමඟ නව ආර්ථික ක්‍රමවේදයක් පිළිබඳව සාකච්ඡා කළ බව නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේය.

     

    සමාජ වෙළඳපොළ ආර්ථික ක්‍රමවේදයක් දැනටමත් සකස් කරලා අවසන් බවත්  මීළඟ මැතිවරණයේ දී එය ජනතාව හමුවට ගෙන එන බවත් ඔහු සඳහන් කළේය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya