45 වන ණය පැකේජය යටතේ ඇ. ඩො. මිලියන 200ක වටිනාකමකින් යුතු ජාතික සම්පේ‍්‍රෂණ හා බෙදාහැරීමේ ජාලය සංවර්ධනය හා කාර්යක්‍ෂමතාව වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය සඳහාත්, ජපන් යෙන් මිලියන 500ක වටිනාකමකින් යුතු දුම්රිය මාර්ග ජාලය හා කෘෂි කාර්මික පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිය සඳහාත් දෙරටේ විදේශ කටයුතු අමාත්‍යවරුන් දෙදෙනා විසින් පසුගිය සිකුරාදා (19) ටෝකියෝ නුවර අයිකුරා හවුස් (Iikura House) හිදී සටහන් හුවමාරුවට අත්සන් තබන ලදී.
ජපාන නිල සංචාරය අතරතුරදී සමරවීර මහතා ජපාන අභ්‍යන්තර කටයුතු හා සන්නිවේදන අමාත්‍ය සනායි ටකඉචි මහත්මිය පසුගිය බ්‍රහස්පතින්දා (18) ටෝකියෝ නුවර පිහිටි එම අමාත්‍යාංශයේදී මුණ ගැසුණි. එදින ඔහු ජපන් ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ සභාපති ආචාර්යය අකිහිකො ටනකා මහතා ද ටොකියෝ නුවර ඉමිපිරියල් හෝටලයේදී මුණ ගැසුණි. තවදුරටත් ඒ මහතා දෙරට අතර සහයෝගීතාව වර්ධනය කරගනිමින් ජපන් – ශී‍්‍ර ලංකා ව්‍යාපාර සහයෝගීතා කමිටුවේ සභාපති ටඩයුකි සෙකි මහතා ද හමුවී සාකච්ඡා කළේය.
SDF