ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    නව රජයේ අයවැය සඳහා යෝජනා ඉදිරිපත් කරන්නැයි මුදල් අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් Featured

    සැප්තැම්බර් 11, 2015

    2016 වර්ෂය සඳහා වන නව රජයේ අයවැයට ඇතුළත් කිරීම සඳහා රජය වෙත උපායමාර්ගික යෝජනා ලබාදෙන මෙන් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අදාළ සියළු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටියි.

    මාස 60 කින් අළුත් රටක් බිහිකිරීමේ පොරොන්දු මත පිහිටා නව රජය කටයුතු කරන බව කී මුදල් අමාත්‍යවරයා රජයේ පංචවිධ ක්‍රියාවලිය සඳහා වන පුරෝගාමී මෙහෙවරට තම යෝජනා ලබාදීමෙන්  දායක වන්නැයි රාජ්‍ය හා පෞද්ගලික අංශයෙන් මෙන්ම මහජනතාවගෙන් ද ඉල්ලා සිටියේ ය.

     

    අළුත් රටක් බිහිකිරීම සඳහා ආර්ථිකය දියුණු කිරීම, දූෂණය මුලිනුපුටා දැමීම, නිදහස තහවුරු කිරීම, යටිතල පහසුකම්, ආයෝජන ප්‍රවර්ධනය සහ අධ්‍යාපනය ඉහළ නැංවීම ආදී පංචවිධ ක්‍රියාවලි සඳහා වන ප්‍රථම පුරෝගාමී මෙහෙවර ලබන අයවැයෙන් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවත් මුදල් අමාත්‍යවරයා කීය.

     

    ඒ අනුව ඵලදායිතාවය ප්‍රවර්ධනය කිරීමෙන් ඇතිවන ආර්ථික සංවර්ධනය තුළින් ජනතාවට විවිධ ප්‍රතිලාභ ලඟා කර දිය හැකි කාලානුරූපිව වැදගත් වන යෝජනා මුදල් අමාත්‍යංශයේ වෙළද හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත පහත ලිපිනයට එවිය යුතුය.

     

    රජයේ අමාත්‍යංශ දෙපාර්තමේන්තු අර්ධ රාජ්‍ය ආයතන වෙළද මන්ත්‍රණ සභා සහ වෘත්තිකයන් හා පෞද්ගලික අංශයේ ආයතනවලට ද අයවැය යෝජනාවට ඇතුළත් කිරීම සඳහා තම යෝජනා ඉදිරිපත් කළ හැකිය.

     

    මෙම යෝජනා සමාජ සුභසාධන කටයුතු, රටේ ආදායම් හා වියදම් කළමනාකරණය හා යටිතල පහසුකම් සංවර්ධන ආදි විවිධ ප්‍රතිලාභ පදනම් කරගෙන ඉදිරිපත් කළ හැකි අතර  මහජනතාව හා මහජන සංවිධානවලින් ද ඒ සඳහා යෝජනා අපේක්ෂා කරයි.

     

    වෙළද ආයෝජන හා කර්මාන්ත ප්‍රවර්ධන කටයුතු සුළු හා මධ්‍යම පරිමාණයේ ව්‍යවසායන් ප්‍රවර්ධනය හා ශ්‍රම බලකාය සම්බන්ධ යෝජනා එයට අදාළ රාජ්‍ය ආයතන මෙන්ම පෞද්ගලික අංශවලින් ද අපේක්ෂා කරන අතර ඵලදායි යෝජනා පිළිබඳව අදාළ අංශ සමඟ වැඩිදුර සාකච්ඡා පවත්වා තීරණයකට එළඹෙනු ඇත.

     

    යහ පාලනය උදෙසා රටේ උන්නතිය හා දියුණුවට බලපා හැකි ඕනෑම ක්ෂේත්‍රයකට අදාල යෝජනා රජය අපේක්ෂා කරන අතර අධ්‍යාපන හා සෞඛ්‍ය ක්ෂේත්‍රවලට අදාළ යෝජනා ඇතුළු සියළු යෝජනා නව අයවැය යෝජනාවට ඇතුළත් කර අවශ්‍ය ප්‍රතිපාදන වෙන්කිරීමට හැකිවන පරිදි සැප්තැම්බර් මස අවසානයට පෙර මුදල් අමාත්‍යංශයේ වෙළද හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව වෙත සෘජුව ඉදිරිපත් කරන්නැයි ඉල්ලා සිටිනු ලැබේ.

     

    තම යෝජනා, අධ්‍යක්ෂ ජනරාල්, වෙළද හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව, මුදල් අමාත්‍යංශය, කොළඹ 01. යන ලිපිනයට තැපෑලෙන් හෝ අංක 0112484962 වෙත ෆැක්ස් මගින් හෝ This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් තැපැල් මගින් හෝ යොමු කළ හැකිය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya