ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    මුදල් ඇමැති හා ලොව ප්‍ර‍කට සමාගමක ප්‍ර‍ධාන විධායක නිලධාරී හමුවෙයි Featured

    නොවැම්බර් 15, 2015

    මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සහ ලොව ප්‍රකට ව්‍යාපාරික ආයතනයක් වන Marks & Spencer සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී Marc Bolland මහතා අතර හමුවක් පසුගියදා පැවැත් විණි.

    මෙම හමුව පැවැත්වුණේ Marks & Spencer සමාගමේ ලන්ඩන් හි පිහිටි මූලස්ථානයේ දී ය.

    මෙහි දී මුදල් අමාත්‍ය රවී කරුණානායක මැතිතුමා Marc Bolland මහතාගෙන් ඉල්ලා සිටියේ ශ්‍රී ලංකාවේ තවදුරටත් ආයෝජන පුළුල් කරන ලෙසයි.

    ඒ සඳහා ප්‍රතිචාර දක්වමින් Marc Bolland මහතා කියා සිටියේ ඇගලුම් ක්ෂේත්‍රයට අමතරව විවිධ ආයෝජන අවස්ථා සඳහා ශ්‍රී ලංකාවට ප්‍රමුඛතාව ලබාදීමට පියවර ගන්නා බවයි.

    Marks & Spencer ලොව සෙසු රටවල ඇගලුම් කර්මාන්ත ශාලා හා සසැඳීමේ දී ඉහළ ම කුසලතා දක්වා ඇත්තේ ශ්‍රී ලංකාවේ පිහිටි කර්මාන්ත ශාලාවල සේවක සේවිකාවන් බව ද හෙතෙම පැවසීය.

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya