ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    සෞදියේ කාන්තාව බේරා ගැනීමට රජය උපරිම උත්සාහයක

    දෙසැම්බර් 06, 2015

    විගමනික පවුල්වල දරුවන්ගේ අධ්‍යාපනයට පමණක් සීමා නොවී ලබන වසරේ ජනවාරි මාසේ සිට මුළු රටේ සිටින විගමණික පවුල් ගැන සොයා බලන ක‍්‍රමවේදයක් ගෙන එන බව විදේශ රැකියා අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය ප්‍ර‍කාශ කළාය.

    ශී‍්‍ර ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මඟින් බස්නාහිර පළාතේ විගමනික දෙමාපියන්ගේ දූ දරුවන් උදෙසා පිරිනමන, ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය පසුගිය දා බණ්ඩාරණායක අනුස්මරණ ජ්‍යාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවති අතර එහිදී ඇය මේ බව සඳහන් කළාය.

    ශිෂ්‍යත්වය පාස් වුන දරුවාට පමණක් නොව අනෙකුත් විගමනික පවුල්වල සුබසාධනය ගැන කටයුතු කිරීමට ජනාධිපතිතුමා ද දැනුවත් කරමින් කටයුතු කරන බව ද ඇය ප්‍ර‍කාශ කළාය.

    එසේම සෞදියේ දී ගල් ගසා මරා දැමීමට නියමිත ශී‍්‍ර ලාංකික කාන්තාව වෙනුවෙන් ද විශාල වැඩපිළිවෙළක් විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ද මැදිහත් වීමෙන් ආරම්භ කර තිබෙන් බව ද ඇය පෙන්වා දුන්නාය.

    මෙම ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවයේදී, බස්නාහිර පළාතේ ශිෂ්‍යත්වලාභීන් 860 දෙනෙක් වෙනුවෙන් ශිෂ්‍යත්ව ප‍්‍රදානය කෙරිනි. මෙම ශිෂ්‍යත්ව සඳහා කොළඹ , ගම්පහ, හා කළුතර දිස්ත‍්‍රික්වල ලියාපදිංචි වී රැකියා සඳහා විදේශ ගත වූ විගමනික දෙමාපියන්ගේ දූ දරුවන් සුදුසුකම් ලබා ඇත. ඒ අනුව , පහ වසර ශිෂ්‍යත්ව ලාභීන් 348 දෙනෙකු හා අ.පො.ස සාමාන්‍ය පෙළ සමත් දරුවන් 421 දෙනෙකු හා අ.පො.ස උසස් පෙළ සමත් වී විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන දූ දරුවන් 91 දෙනෙකුට ද පිරිනමන ලදි. මෙහි දී පිරිනමන ලද ශිෂ්‍යත්ව වල, මුළු වටිනාකම රුපියල් එක් කෝටි හැටතුන් ලක්ෂ හැත්තෑ දහසකි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya