ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    තෙල් සහනය ලබා ගැනීමට ශ්‍රී ලංකාව කළ ඉල්ලීමට ඉරානයෙන් යහපත් ප්‍රතිචාර Featured

    පෙබරවාරි 25, 2016

    ශ්‍රී ලංකාවට සහන මිලක් යටතේ තෙල් ලබා ගැනීම සම්බන්ධයෙන් කළ ඉල්ලීමට ඉරාන රජයෙන් යහපත් ප්‍රතිචාර හිමි වූ බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි.

    අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මේ සම්බන්ධයෙන් ඉදිරියේ දී දෙරට අතර සාකච්ඡා පවත්වන බවයි.

    දිවයිනට පැමිණි සිටින ඉරාන බලශක්ති අමාත්‍ය Hamid Chitchian මැතිතුමා ඇතුළු දූත පිරිස සමඟ ඊයේ (24) පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මේ බව කියා සිටියේ ය.


    දෙරට අතර වෙළෙඳ කටයුතු ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් මෙහි දී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණි. ඉකුත් සමයේ ඉරාන රජයෙන් ශ්‍රී ලංකාවට ලබා දුන් සහය සිහිපත් කළ රවී කරුණානායක මහතා ඒ සම්බන්ධයෙන් ඉරාන රජයට ප්‍රසාදය පළ කළේ ය. ශ්‍රී ලංකාව අලුත් ගමනක් ආරම්භ කර ඇති බැවින් ඊට ඉරාන රජයේ සහය ද අපේක්ෂා කරන බව හෙතෙම කියා සිටියේ ය. මෙම සාකච්ඡාවේ දී ශ්‍රී ලංකාවට සහන මිලකට තෙල් ලබා දෙන ලෙස කරුණානායක මහතා, ඉරාන රජයෙන් ඉල්ලීමක් කළ අතර, ඒ සඳහා යහපත් ප්‍රතිචාර ලැබී තිබේ.

    පසුගිය සමයේ යම් යම් සිදුවීම් සමඟ ඇණහිට තිබුණ වෙළෙඳ සබඳතා යළි ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවත්  විශේෂයෙන් අන්තර් වෙළෙඳ කටයුතු පිළිබඳ අවධානය යොමු කළ බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    මෙරට තේ මිල දී ගන්නා සේ ඉරාන තෙල් සහන මිලට ලබා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක් වූ බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඉරාන රජයෙන් ඊට සුබවාදී ප්‍රතිචාර හිමි වූ බව ද  අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.
    මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති Mohammed Zaeri Amirani මහතා මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස් සමරතුංග මහතා ඇතුළු පිරිසක් ද එක් ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya