ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    අන්තර් ආගමික උපදේශක මණ්ඩලයක් පත් කිරීමට ජනපති උපදෙස්

    පෙබරවාරි 26, 2016

    ‍ෙසංස්කෘතික සහ ආගමික වශයෙන් රටේ මතුවන ගැටලුවලදී රජයට උපදෙස් ලබා ගැනීම සදහා අන්තර් ආගමික උපදේශක මණ්ඩලයක් පත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

    ජනාධිපතිමෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (25) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සර්ව ආගමික නායක හමුවට එක් වෙමිනි.

    අන්තර් ආගමික උපදේශක මණ්ඩලයක් පිළිබෙඳ යෝජනාව පසුගිය රජය යටතේද සාකච්ඡා කළ නමුත් එය කි‍්‍රයාත්මක නොවුණු බව මෙහිදී පෙන්වා දුන් මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන නායක ස්වාමින් වහන්සේ ඒ සඳහා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා නොබියව මුල පිරීම පිළිබඳ මහා සංඝරත්නය ප‍්‍රමුඛ සර්ව ආගමික නායකයින්ගේ ප‍්‍රශංසාව එතුමාට හිමිවන බව ප‍්‍රකාශ කළහ.

    මෙහිදී අදහස් දැක්වූ කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් වහන්සේද ප‍්‍රකාශ කළේ එම යෝජනාව පිළිබඳ තමාගේද පූර්ණ එකඟතාවය පළ කරන බවයි.

    බෞද්ධ, කතෝලික, ඉස්ලාම්, හින්දු සියලු ජන කොටස් අතරේ තිබියු යුතු ආගමික සංහිඳියාව ගොඩනගමින් සියලු ජන කොටස් අතර සාමය සහ සහජීවනය ගොඩනැංවීම තම රජයේ අරමුණ බව ජනාධිපතිතුමා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

    නමුත් අන්තවාදීන්ගේ කි‍්‍රයාකාරකම් හේතුවෙන් යම් යම් අවස්ථාවල ගැටලු පැන නගින බව පෙන්වා දුන් ජනාධිපතිතුමා අවබෝධයෙන් යුතුව ඊට විසඳුම් ලබා ගැනීම සියලු දෙනාගේ වගකීම බවද කියා සිටියේය.

    රටේ සියලු ජාතීන් අතර සාමය සහ සහජීවනය ගොඩනැගීමට ජනාධිපතිතුමා ප‍්‍රමුඛ රජය ගෙන යන වැඩපිළිවෙළ මෙහිදී සර්ව ආගමික නායකයින්ගේ පැසසුමට ලක්වූ අතර දේශපාලන වශයෙන් සාමුහික එකගතාවයකින් යුතුව රට ගොඩනැගීමට ගෙන යන වැඩපිළිවෙළ ද ඇගයීමට ලක් කෙරිණි.

    අන්තර් ආගමික උපදේශක මණ්ඩලය පත් කිරීම සහ එහි කාර්ය භාරය පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණු අතර සියලු ආගමික නායකයින් එක්ව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඒ පිළිබඳ තීරණය රජයට දැණුම් දෙන ලෙස ජනාධිපතිතුමා ඉල්ලා සිටියේය.

    රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය නාපානේ පේ‍්‍රමසිරි, මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි, අග්ගමහා පණ්ඩිත පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස, මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන යන ස්වාමින් වහන්සේලා ප‍්‍රමුඛ මහා සංඝරත්නය ද, කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් වහන්සේ ඇතුථ සර්ව ආගමික නායකයින් මෙම අවස්ථාවට වැඩම කර සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya