ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ශ‍්‍රී ලංකාව ක‍්‍රීඩාවෙන් ලොව ප‍්‍රමුඛස්ථානකට ගෙන ඒම රජයේ අපේක්ෂාවයි – ජනපති

    පෙබරවාරි 28, 2016

    රජයේ ක‍්‍රීඩා ප‍්‍රතිපත්තිය තුළ පිහිටා ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයට අයත් සෑම ආයතනයකටම අවශ්‍ය භෞතික හා මානව සම්පත් ලබාදෙමින් ශ‍්‍රී ලංකාව ක‍්‍රීඩාවෙන් ලෝකයේ ප‍්‍රමුඛස්ථානකට ඔසවා තැබීම රජයේ අපේක්ෂාව බව ජනාධිපතිතුමා පැවසීය.

    ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව සදහන් කළේ, දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ දී ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් පදක්කම් දිනූ ජයග‍්‍රාහකයන් ඇගයීම වෙනුවෙන් අරලිය ගහ මන්දිරයේ පැවැත්වූ උත්සවයට එක්වෙමිණි.

     

    රුපියල් ලක්ෂ හයසියයකට අධික වටිනාකමකින් යුත් මුදල් තිළිණ පදක්කම්ලාභී ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට සහ පදක්කම් ලාභීන්ගේ පුහුණුකරුවන් වෙනුවෙන් ප‍්‍රදානය කෙරුණු අතර ”ජනාධිපති ක‍්‍රීඩා සම්මාන උළෙල -2015” නිල වෙබ් අඩවිය ද ජනාධිපතිතුමා අතින් මෙහිදී විවෘත කෙරිණි.

     

    12 වන දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලට සහභාගී වී රන් පදක්කම් ලබාගත් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට තිළිණ ප‍්‍රදානය කෙරුණේ ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා අතිනි.

     

    තව දුරටත් අදහස් දක්වමින් ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ ක‍්‍රීඩා තරග සඳහා තරගකරුවන් ඉදිරිපත් කරන්නට පෙර ඔවුන්ගේ දුෂ්කරතා පිළිබඳව සොයා බැලිය යුතු බවය. ඒ පිළිබඳව පෙර විපරම් කිරීම් ක‍්‍රියාත්මක වන්නේ නම් මීටත් වඩා ජයග‍්‍රහණ අපට හිමිකර ගත හැකි වන බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

     

    ප‍්‍රධාන වශයෙන් ක‍්‍රීඩාව, දේශපාලනය, ජනමාධ්‍ය සහ කලා ක්ෂේත‍්‍රය තුළ පවත්නා මමත්වය, කණ්ඩායම්වාදය, කඹ ඇදිලි, බෙදීම් වැනි තත්ත්වයන් හේතුවෙන් ජයග‍්‍රහණ සඳහා බාධාවන් එල්ලවන බව පෙන්වා දුන් ජනාධිපතිතුමා රටක් ලෙස ඉදිරියට යාමට නම් අසමගිකම් දුරලා එකාමෙන් එකමුතු විය යුතු බවද ප‍්‍රකාශ කළේය.

     

    ගමේ සම්පත් නගරයටත් නගරයේ සම්පත් ගමටත් බෙදීයාමේ වැදගත්කම මෙහිදී අවධාරණය කළ ජනාධිපතිතුමා ක‍්‍රීඩා අමාත්‍යවරයා නව මගක යමින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ජයග‍්‍රහණය කරා යොමුකිරීමට ගන්නා වූ වෙහෙස ද අගය කළේය. නොයෙකුත් අඩුපාඩු මධ්‍යයේ වුවද රට වෙනුවෙන් ජයග‍්‍රහණ දිනාගත් ක‍්‍රීඩක ක‍්‍රීීඩිකාවන්ට රජය සහ ජනතාවගේ ගෞරවය හිමිවන බව ද ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළේය.

     

    මෙම අවස්ථාවට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, අමාත්‍යවරුන් වන දයාසිරි ජයසේකර, රවී කරුණානායක, සාගල රත්නායක, නියෝජ්‍ය අමාත්‍ය එච්.එම්.එම්. හාරිස්, පළාත් සභාවල ක‍්‍රීඩා අමාත්‍යවරුන්, ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් යන මහත්වරුන් ද අමාත්‍යාංශ ලේකම්වරු, ක‍්‍රීඩා පුහුණුකරුවන්, පදක්කම් ලාභීන්ගේ දෙමව්පියන් ඇතුළු විශාල පිරිසක් එක්වූහ.

    pmdnews

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya