ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    රජයේ ව්‍යාපෘති සම්බන්ධයෙන් කමිටුවක් පත් කෙරේ

    පෙබරවාරි 29, 2016

    2014 දෙසැම්බර් 31 දිනට පෙර සිදු කරන ලද රජයේ විවිධ ව්‍යාපෘති සහ මිල දී ගැනීම් වෙනුවෙන් නිරවුල් කළ යුතුව තිබූ, එහෙත් නිරවුල් නොවූ ව්‍යාපෘති සඳහා ගෙවීම් සිදු කිරීම පිළිබඳ සලකා බැලීමට රජය තීරණය කර තිබෙන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

    මෙම ව්‍යාපෘතිවල සාධාරණත්වය තහවුරු කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් කමිටුවක් ද පත් කර ඇති අතර එය, දැනට සේවයේ නියුතු සහ විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන්ගෙන් සමන්විත ත්‍රි පුද්ගල කමිටුවකි.

    අදාළ කමිටුව මගින් ව්‍යාපෘතිවලට අදාළ ගනුදෙනු රජය පිළිගත් ප්‍රසම්පාදන මූලධර්ම වන විනිවිධභාවය/තරගකාරී බව හා මුල්‍යමය වටිනාකම ලැබෙන අයුරින්, විධිමත් ප්‍රසම්පාදන කමිටුවල අනුමැතිය යටතේ ඉටු කර ඇත් ද යන්නත්, එම වටිනාකම්වල සාධාරණත්වය තහවුරු කිරීමත් මෙම කමිටුවට පැවරී ඇත.

    මෙම ප්‍රසම්පාදනවලට අදාළ සියලු විස්තර අදාළ කමිටුව වෙත දන්වා යවන ලෙස දැනටමත් මුදල් අමාත්‍යාංශය විසින් අමාත්‍යාංශ ලේකම්වරුන්ට දැනුම් දී තිබේ.

    මෙම තොරතුරු පරීක්ෂා කිරීමට අමතරව කමිටුව විසින් කරනු ලබන නිර්දේශ මත හිඟ මුදල් ගෙවීමට කටයුතු කරනු ඇත.
    වගකිව යුතු රජයක් ලෙස මෙන් ම විවිධ පාර්ශවයන් මගින් ඉදිරිපත් වූ ඉල්ලීම් ද සැලකිල්ලට ගනිමින් මෙම හිඟ මුදල් ගෙවා අවසන් කිරීමට රජයේ අවධානය යොමු වී තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya