ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකාව කලාපයේ කැපී පෙනෙන රටක් - නවසීලන්ත අගමැති Featured

    පෙබරවාරි 29, 2016

    අදට වඩා හොඳ හෙට දවසක් වෙනුවෙන් ශ්‍රී ලංකාවට සුබ පතන බව නවසීලන්ත අගමැති ජෝන් කී මුදල් අමාත්‍යවරයා හමුවේ කියයි.

    නවසීලන්ත  අග්‍රාමාත්‍ය  ජෝන්  කී මහතා  දිවයිනෙන්  පිටත්ව  යාමට  පැය  කිහිපයකට   පෙර,   රාත්‍රි  භෝජන  සංග්‍රහයකට සහභාගී වූ අවස්ථාවේදී ඒ මහතා මේ බව සඳහන් කර ඇත.

     
    මේ  සඳහා  මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ද  එක්ව  සිටි අතර මෙම රාත්‍රී  භෝජන  සංග්‍රහයට  විවිධ  ක්ෂේත්‍රයන්හි  වෘත්තිකයින් ද  එක්ව  සිටීම  විශේෂත්වයකි.


    රාත්‍රී භෝජන සංග්‍රහයෙන් අනතුරුව  නවසීලන්ත  අග්‍රාමාත්‍යවරයා   කියා  සිටියේ,   ශ්‍රී  ලංකාවෙන්  නික්ම  යාමට  නියමිත ඉතා  සුළු   කාලය  තුළ වුවත්  මෙවන්  හමුවකට  සහභාගීවීමට  ලැබීම  සතුටට  කරුණක්  බවයි. තමා   දිවයිනේ  සිටි  කාල සිමාව, ජීවිතයේ  අමතක  නොවන  සිද්ධියක් බව පෙන්වා  දුන්  ජෝන් කී  මහතා ශ්‍රී ලාංකිකයන්ගේ ගරු සත්කාරය අතිශය අගය කරන බව කියා සිටියේ ය.

     ශ්‍රී ලංකාව කලාපයේ කැපී පෙනෙන රටක් ලෙස ඉදිරියට පැමිණ ඇති බවත්, අවධාරණය කළ ජෝන් කී මහතා අදට  වඩා  හොඳ,  හෙට  දවසක්  වෙනුවෙන්  ශ්‍රී  ලංකාවට  ලබා දිය හැකි  උපරිම  සහාය ලබා  දෙන බව ද පැවසීය.

    මෙහි දී  අදහස්  දැක් වූ  මුදල් අමාත්‍ය රවී  කරුණානායක  මහතා  කියා  සිටියේ   නවසීලන්ත  රජය  ශ්‍රී ලංකාව  කෙරෙහි  දක්වා  තිබෙන  ප්‍රමුඛතාවය ඉතා  ප්‍රශංසනීය  බවයි. එය  ශ්‍රී ලංකාවට ගෞරවයක්  බව ද හෙතෙම  පෙන්වා  දුන්නේය. ශ්‍රී  ලංකාවේ  අනාගත සංවර්ධනය  උදෙසා  නවසීලන්ත  රජය  ලබා දෙන  සහය ද අමාත්‍යවරයා  පැසසුමට  ලක්  කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya