ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    අයවැය පොහොර සහනය අද සිට‍ Featured

    මාර්තු 01, 2016

    වී ගොවීන්ට පොහොර මිල දී ගැනීම සඳහා මුදල් ලබා දීමේ කටයුතු අද (01) සිට ආරම්භ කරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි.

    අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ වී ගොවීන් සතු ඕනෑ ම රාජ්‍ය හෝ පෞද්ගලික බැංකුවකට අදාළ මුදල් බැර කෙරෙන බවයි. ඊයේ (29)මුදල් අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවක දී අමාත්‍ය රවී කරුණානායක මැතිතුමා මේ බව සඳහන් කළේ ය.

    නව තීරණය අනුව හෙක්ටයාර් 1කට රුපියල් 25,000 බැගින් හෙක්ටයාර් 2ක් දක්වා වී වගා කරන සියලු ම ගොවීන්ට මෙම යල කන්නයේ සිට පොහොර විවෘත වෙළෙඳපොළෙන් මිල දී ගැනීම සඳහා මුදල් ලබා දෙනු ලැබේ.

    යුරියා, ටී.එස්.පී සහ එම්.ඕ.පී කිලෝ ග්රෑම් 50ක පොහොර මිටියක් රුපියල් 2,500ක උපරිම මිලකට අලෙවි කෙරේ. ගොවීන්ගෙන් ලැබුණු ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් සියලු පොහොර මලුවල මිල සඳහන් කිරීමට ද තීරණය කර ඇත.

    මීට පෙර රජය ලබා දුන් පොහොර සඳහා හිස් පොහොර මල්ලක් වෙනුවෙන් රුපියල් 150ක මුදලක් ද ගෙවීමට සිදු විය. එහෙත් මෙම නව ක්‍රමවේදය යටතේ ගොවීන් ගෙන් ඇසුරුම් කරන ලද මලු වෙනුවෙන් අතිරේක මුදලක් අය නොකෙරේ.  එබැවින් එම මුදල ද ගොවීන්ට සම්පූර්ණයෙන් ම ඉතිරි වන බව ද අමාත්‍යවරයා පෙන්වා දෙයි.
     
    රාජ්‍ය අංශයෙන් සහ පෞද්ගලික අංශයෙන් කිසිදු හිඟයකින් තොරව දිවයින පුරා සිටින සියලුම ගොවීන්ට පොහොර ලබා ගැනීමට හැකියාව ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya