ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ජනපතිගේ ජර්මානු සංචාරයේ ප්‍රතිඵල ලෙස ආයෝජන අවස්ථා

    මාර්තු 02, 2016

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පසුගිය දා සිදු කළ ජර්මානු සංචාරයේ ප්‍රතිඵල කඩිනමින් ලැබෙමින් පවතින බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි.

    එම සංචාරයේ දී ශ්‍රී ලංකාවේ ආයෝජන සිදු කරන ලෙස කළ ඉල්ලීමට ලැබෙන ප්‍රතිචාර සුවිශේෂී බව ද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

     ශ්‍රී ලංකාවට පැමිණ සිටින ජර්මානු රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිනී Dagmar Gabriele Wöhrl මහත්මිය සමඟ ඊයේ (01) මුදල් අමාත්‍යාංශයේ පැවති හමුවකින් අනතුරුව රවී කරුණානායක මහතා මේ බව සඳහන් කළේය.

    ජර්මානු අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවේ දී  මෙරට ආයෝජන අවස්ථා සහ කළමනාකරණය සම්බන්ධයෙන් අවධානය යොමු කළ බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

    ශ්‍රී ලංකාව සහ ජර්මනිය අතර පවතින දැඩි සබඳතාව ව්‍යාපාරික ක්ෂේත්‍රය හරහා තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    ජර්මානු තානාපති ආචාර්ය  Juergen Morhard මහතා  ද මෙම හමුවට එක් ව සිටියේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya