ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ලබන මස අවසන් වනවිට ගම්පහ සැමට විදුලිය

    මාර්තු 03, 2016

    ලබන මාසය අවස්න් වනවිට ගම්පහ දිස්ත්‍රික්කයේ විදුලි අවශ්‍යතාව 100%ක් ම සම්පූර්ණ කරන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

    මෙම දිස්ත‍්‍රික්කයේ ජනගහනය ලක්ෂ 23කට අධික ප‍්‍රමාණයක් සිටින අතර නිවාස ලක්ෂ 6 ක් පමණ තිබෙන බවත් එම පිරිසෙන්  4805 ක් පමණ නිවාසවලට විදුලිය ලැබී නැති බවත්   රටම එළියයි - අඳුර දුරළයි වැඩසටහන යටතේ නිවාස 1364 කට විදුලිය ලබාදී තිබෙන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

     

    මේ වනවිට රටේ විදුලි 98% ක් සම්පූර්ණකර තිබෙන අතර ලංකාවේ තවමත් 250,000 කට විදුලිය නැති බවත්  නොයෙකුත් හේතු මත ඔවුන්ට විදුලිය ලබා ගැනීමට නොහැකි වී තිබෙන අතර ආර්ථික ගැටලු සඳහා සහන ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දී තිබෙන බවත් ඒ මහතා සඳහන් කළේය.


    මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ, නියෝජ්‍ය අමාත්‍ය දුලිප් විජේසේකර, දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති අජිත් මාන්නප්පෙරුම, එඩ්වඩ් ගුණසේකර, කාවින්ද ජයවර්ධන යන මැතිඇමතිවරුන්, ගම්පහ දිස්ත‍්‍රික් ලේකම්, ප‍්‍රාදෙශීය ලේකම්වරු, ලංකා විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක් සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya