ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ජනාධිපති කොමිෂන් සභාවේ හා ලේකම්ගේ කාලය වසරයි - ජනාධිපති ලේකම්

    මාර්තු 04, 2016

    බරපතල වංචා, දූෂණ හා රාජ්‍ය සම්පත් වරප්‍රසාද බලය හා අධිකාරිය අනිසි ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා වූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ ලේකම්වරයාගේ සේවය දීර්ඝ නොකිරීම පිළිබඳව පහත සඳහන් පැහැදිලි කිරීම ජනාධිපති ලේකම් පී.බී.අබේකෝන් මහතා විසින් නිකුත් කර ඇත.

     “බරපතල වංචා, දූෂණ හා රාජ්‍ය සම්පත් වරප්‍රසාද බලය හා අධිකාරිය අනිසි ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා වූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව පත් කරනු ලැබුවේ වසරක කාලයක් සඳහා වේ. එම කොමිෂන් සභාවේ කාලය තවත් වසරකින් දීර්ඝ කිරීමේ දී කොමිෂන් සභාවේ සභාපතිතුමා හා අනිකුත් කොමසාරිස්වරුන්ගේ සේවා කාලය ද තවත් වසරකින් දීර්ඝ කරන ලදී.

    මෙම කොමිෂන් සභාවේ ලේකම්වරයාගේ සේවා කාලය මේ සමඟ ම දීර්ඝ නොකරන ලද අතර, ඇතැම් මාධ්‍ය වාර්තා කර ඇති පරිදි ලේකම් වූ ලැසිල් ද සිල්වා මහතා එම ධූරයෙන් පහ කිරීමක් හෝ ඉවත් කිරීමක් සිදුවී නොමැත.

    මෙම කොමිෂන් සභාවේ වැඩ කටයුතු වඩාත් සාර්ථකව හා කාර්යක්ෂමව ඉටු කිරීම සඳහා විශ්‍රාමලත් ජ්‍යෙෂ්ඨ සිවිල් නිලධාරියෙකු වන අතුරුදන්වූවන් පිළිබ‍ඳ ජනාධිපති කොමිෂන් සභාවේ ලේකම්වරයා ලෙස කටයුතු කළ එච්.ඩබ්ලිව්.ගුණදාස මහතා පත් කරනු ලැබ ඇත.”

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya