ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    අස්ගිරි මහානායක හිමිගේ අපවත්වීම ගැන චීනයේ සොව පළ කරයි Featured

    මාර්තු 11, 2016

    අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය ගලගම අත්ථදස්සි මහානාහිමියන්ගේ අපවත්වීම පිළිබඳව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සිය සාතිශය සංවේගය පළ කරයි.



    අස්ගිරි පාර්ෂවයේ මහානායක අතිපූජ්‍ය ගලගම අත්ථදස්සි මහානාහිමියන්ගේ අපවත්වීම පිළිබඳ පුවත අසන්නට ලැබීම අතිශයින්ම කණගාටුදායක බව ශෝක පණිවිඩයක් නිකුත් කරමින් චීන තානාපති කාර්යාලය පවසයි.

     

    ඒ පිළිබඳව බෞද්ධ ප්‍රජාවට හා සමස්ත ශ්‍රී ලංකා වාසීන් වෙත සිය සංවේගය පළකරන බව එම ශෝක පණිවිඩයේ සඳහන් වෙයි.

     

    අපවත්වී වදාළ මහනායක හිමිපානෝ ලෝක බෞද්ධ ප්‍රජාවගේම ගෞරවාදරයට පත් බහුලීකෘත වියත් හිමිනමක් බවත් සමකාමි සහ පැවැත්ම සහ සංහිඳියාව වෙනුවෙන් උන්වහන්සේ විශාල කාර්යභාරයක් ඉටුකළ බවත් එම පණිවුඩයේ සඳහන් වේ.

     

    අස්ගිරි පාර්ශවයේ මහානායක අත්ථදස්සී හිමියන් චීන බෞද්ධ ප්‍රජාවගේද යහපත් මිත්‍රයෙකි .

     

    චීනය හා ශ්‍රී ලංකාව අතර බෞද්ධ හුවමාරු සය සහයෝගතා ප්‍රවර්ධනයට උන්වහන්සේ විශාල මෙහෙවරක් ඉටු කල බව චීන තානාපති කාර්යාලය සඳහන් කරයි. උන්වහන්සේගේ අපවත්වීම ශ්‍රී ලංකාවට පමණක් නොව සමස්ත ලෝකයටම පාඩුවක් බව ද එම පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya