ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    හදිසි සත්කාර හෙද සේවා පුහුණුවේ පත්වීම් ප්‍රදානය කෙරේ

    මාර්තු 14, 2016

    හදිසි සත්කාර හෙද සේවා පුහුණුව ලැබු හෙද හෙදියන් 41  කට සහතික පත‍්‍ර ප‍්‍රදානය කිරීම පසුගියදා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේ දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විනි.

    කොරියාවේ විශ්වෙවිද්‍යාලයක් සමඟ ඒකාබද්ධව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මෙම පුහුණුව මාස 06 ක කාලයක් ලබා දී තිබෙන අතර  ඉදිරියේ දී තවත් හෙද හෙදියන් රැසකට මෙම පුහුණුව ලබාදීමට නියමිතය.

    දැනට හෙද හෙදියන් 31,000 ක් රාජ්‍ය සේවයේ නිරත වන අතර තවත් 7752 ක් හෙද විද්‍යාලවල පුහුණුවන බවත් 2016 දෙසැම්බර් මස 1800 ක් පුහුණුව අවසන් කර රාජ්‍ය සේවයට එක්වීමට නියමිත බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

    ඒ මහතා ප්‍රකාශ කළේ වකුගඩු රෝගීන්ගේ රුධිර කාන්දුකරණය සඳහා අවශ්‍ය හෙද හෙදියන් ද කඩිනමින් ලබාදීමට නියමිත බවයි.
     
    මෙම අවස්ථාවට නියෝජ්‍ය අධ්‍යක්ෂ (පුහුණු හා පර්යේෂණ) සුනිල් ද අල්විස් මහතා, අධ්‍යක්ෂ (හෙද අධ්‍යාපන) එස්. සිරිවර්ධන මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya