ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    විදේශ රැකියා ඇමැතිනී දකුණු කොරියාවේ රැකියා ගැන බලයි

    මාර්තු 14, 2016

    දකුණු කොරියාවට අයත් ජේජු දූපතේ (Jeonju) රැකියාවේ නියුතු ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයින් මුණගැසීමට විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය ඊයේ (13) ජේජු විගමණික මධ්‍යස්ථානයට ගියාය.

    එහිදී ජේජු දූපතේ ධීවර අංශයේ හා නිෂ්පාදන අංශයේ සේවයේ නියුතු ශ‍්‍රමිකයින් බොහෝ පිරිසක් හමුවූ අතර එහිදී ඔවුන්ට පැන නඟින ගැටලු සම්බන්ධයෙන් අමාත්‍යවරිය සමඟ සාකච්ඡා කළහ.

     

    මෙහිදී ජේජු දූපතේ ධීවර අංශයේ ශ‍්‍රමිකයින්ට මුහුණපෑමට වන ගැටළු සම්බන්ධයෙන් එරට ජේජු දූපතේ මානව සම්පත් අධ්‍යක්‍ෂිකා Kim Hye Ky Eong   සමඟ සාකච්ඡා කර විසඳුම් ලබාදීමට තමන් සූදානම් බව අමාත්‍යවරිය ප‍්‍රකාශ කළාය. මෙම සාකච්ඡා සඳහා ජේජු විගමණික මධ්‍යස්ථාන ප‍්‍රධානී Lee So Young yd හා ප‍්‍රධාන ලේකම් Hang Youngkil යන මහත්වරුන්ද සහභාගි වූහ.

     

    මෙම සංචාරයේදී විදේශ රැකියා අමාත්‍යතුමිය ජේජු දූපතේ මානව සම්පත් අධ්‍යක්‍ෂිකා හා එහි කළමණාකරු යන මහත්ම මහත්මීන් සමඟද සාකච්ඡා කළාය. මෙහිදී ප‍්‍රධාන වශයෙන් ජේජු දූපතේ සිටින ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයින්ගේ ගැටලු පිළිබඳ සාකච්ඡාවල නිරත වූ අතර, මානව සම්පත් අධ්‍යක්‍ෂිකාව සඳහන් කළේ, ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයින්ගේ පුහුණුව පිළිබඳව තවදුරටත් සැලකිලිමත් වන ලෙසයි.
     


    පසුව අමාත්‍යවරිය ඇතුළු පිරිස ජේජු දූපතේ ධීවර සංගමයේ නියෝජිතයින්ද හමුවූහ. එහිදී ජේජු ධීවර නියෝජිතයින් හා අමාත්‍යතුමිය අතර සාකච්ඡාවේදී මෙම ක්ෂේත‍්‍රයේ ගැටලු සම්බන්ධව සාකච්ඡා කළහ. සංගමයේ නියෝජිතයින් ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයින් සම්බන්ධව ඇති අඩුපාඩු සම්බන්ධයෙන් අමාත්‍යතුමිය සමඟ සාකච්ඡා කළහ. කොරියාවේ ජේජු දූපතේ සංචාරයක නිරත වුණු ප‍්‍රථම ශ‍්‍රී ලාංකික අමාත්‍යවරිය තලතා අතුකෝරළ මහත්මිය බවත් ඒ පිළිබඳව තමන් සතුටුවන බවත් මෙම සංගමයේ ප‍්‍රධානී ප‍්‍රකාශ කළේය.

     

    මෙම අවස්ථාවට කොරියාවේ ශ‍්‍රී ලංකා තානාපති මනීෂා ගුණසේකර, කවුන්සිලර් පි‍්‍රයන්ත සේනානායක, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ බඳවා ගැනීම් අංශයේ කළමණාකරු කේ.එස්. පුෂ්පකුමාර යන මහත්ම මහත්මීන්ද එක්වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya